2025 අගෝස්‍තු 29, පෙ.ව. 12:08
ශ්‍රී ලංකා රේගුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර ඇති සීවලී අරුක්ගොඩ මහතා මෑතකදී සිදු වූ බහාලුම් වංචාවකට සම්බන්ධ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතා චෝදනා කරයි.
ඔහු කියා සිටියේ, ආන්දෝලනාත්මක “රතු ලේබල්” බහාලුම් නිකුත් කිරීමේ සිද්ධිය විමර්ශනය කළ කමිටුව විසින් අරුක්ගොඩ මහතාටත් චෝදනා ඒල්ල වන බව බවයි.
“නිල විමර්ශනයකින් චෝදනා ඒල්ල වූ පුද්ගලයෙකුට මෙවැනි ඉහළ තනතුරක් ලබා දෙන්නේ කෙසේද?” යැයි රහ්මාන් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කළේය.
“රජය අරුක්ගොඩ මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වූයේ ඇයි?” ඔහු වැඩිදුරටත් විමසීය.
ප්‍රශ්නගත පත්වීම සම්බන්ධයෙන් විනිවිදභාවය සහ වගවීම ඉල්ලා සිටි මන්ත්‍රීවරයා, පත්වීම නැවත සලකා බලන ලෙසත්, පරීක්ෂණයේ සොයාගැනීම් සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙසත් රජයෙන් ඉල්ලා සිටියේය.
2026 ජනවාරි 11, පෙ.ව. 12:29
2026 ජනවාරි 11, පෙ.ව. 12:25
2026 ජනවාරි 11, පෙ.ව. 12:21
2026 ජනවාරි 11, පෙ.ව. 12:17
2026 ජනවාරි 11, පෙ.ව. 12:15
31-12-25
31-12-25
18-08-25
18-08-25
10-08-25
10-08-25
21-05-25
21-05-25
18-05-25
18-05-25
21-04-25
21-04-25
10-04-25
10-04-25
21-10-24
21-10-24
29-08-22
29-08-22