hit counter

2025 මැයි මස 30 වන සිකුරාදා

2025 මැයි 30, පෙ.ව. 12:05



පළාත් පාලන කොමසාරිස් සභාව රැස්වෙන දිනයක් ගැන කිසිවෙකුට හෝ ලිපි යවා නොමැති තත්ත්වයක කොළඹ නගරාධිපති කවුදැයි අමාත්‍ය ලාල්කාන්ත කීමෙන් පෙනෙන්නේ රටේ නීතිය ගැන හෝ පළාත් පාලන නීතිය ගැන මාලිමාවේ අමාත්‍යවරුන්ට දැනුම් නොමැතිකම ඔව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

නගරාධිපති හෝ සභාපති තේරීමට එම ඡන්දය පැවැත්වීමට දින 7කට පෙර පළාත් පාලන කොමසාරිස් විසින් සභාවට වන ලෙස ලිපියක් මගින් සියලු ම සභිකයන්ට ආරාධනා කළ යුතු බවත් තවම කිසි ම කෙනෙකුට එසේ ලිපි යවා නැති බව ද මුජිබර් මන්ත්‍රීවරයා පැවැසීය.

කොළඹ නගර සභා බලය මාලිමාව පිහිටුවා අවසන් බවත් ව්‍රායි කැලි බල්තසාර් කොළඹ පුරපතිනිය බවත් කැබිනට් අමාත්‍ය ලාල් කාන්ත මහනුවරදී ඊයේ කළ ප්‍රකාශය සම්බන්ධව විමසීමේදී ඔහු මේ බව කීය. කිසිවෙක් සියයට 50කට වඩා සභිකයන් සංඛ්‍යාවක් ලබා ගත්තේ නැති සභාවල නගරාධිපති හෝ සභාපති තේරීම සඳහා ඡන්දයක් පවත්වන බවත් පළාත් පාලන කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් එම ඡන්දය පවත්වන බවද ඔහු පෙන්වා දුන්නේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: