hit counter

2026 ජනවාරි මස 14 වන බදාදා

2024 පෙබරවාරි 19, ප.ව. 6:26



රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය රජයෙන් කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බව එම සංගමය පවසයි.

අද (19) පැවැති මධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඒ බව සඳහන් කළා.

එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි,

“හෙද සංගමය හැටියට අපි රජයෙන් කළ ඉල්ලීමට අනුව අද දින සෞඛ්‍ය අමාත්‍යවරයා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සමග කළ සාකච්ඡාවේදී හෙදියන්ගේ නිල ඇඳුම් දීමනාව රුපියල් 30,000ක් දක්වා වැඩිකර දෙන බවට පොරොන්දු වුණා. එයින් 25,000ක් මෙම වසරේ මාර්තු මාසයේද ඉතුරු රුපියල් 5,000 ලබන වසරේ ජනවාරි සිට ලබාදීමටද එකඟ වුණා. ඉන්ධන දීමනාව ලබන වසරේ අවසාන කාර්තුවේ ලබාදීමට එකඟතාවය පළ කළා. අතිකාල දීමනා පිළිබඳ කමිටුවක් පත් කර හැකි ඉක්මනින් ඒ සඳහා ද කඩිනම් විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වුණා.”