hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූලි 07, පෙ.ව. 1:09



මුතුරාජා හස්තියා තායිලන්තයට රැගෙන යාම මුදල් වෙනුවෙන් සිදුකළ NGO පොරයක ප්‍රතිඵලය බව එම ඇතාට ප්‍රතිකාර කළ පශු වෛද්‍ය ශෝභාත් විජේරත්න මහතා පවසනවා.

මුතු රාජා තායිලන්තයට රැගෙන ගියේ අදාළ ව්‍යායාම කොට සුවපත් වූ පසු නැවත ලබා දීමේ පොරොන්දුව මත බවයි ඔහු අවධාරණය කළේ.

වෛද්‍ය විජේරත්න සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර ලංකාවේ නොමැති බවයි.

මේ වන විට පෙරහැරවල ගමන් කරන ප්‍රධාන ඇත් පන්තියට පහර දීමේ දෙවන පියවර ආරම්භ වී ඇති බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මුතු රාජාට ප්‍රතිකාර කිරීම සඳහා තායිලන්තයෙන් පැමිණි පශු වෛද්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ මුතු රාජා ලංකාවෙන් රැගෙන යන විට සැරව ගෙඩි 90%ක් පමණ සුවපත්ව පැවැති බවයි.

එසේ ම යටි පතුල් හෝ වලිගයේ හෝ කිසිදු තුවාලයක් නොතිබූ බවත් ඒ පිළිබඳ දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන්ට ප්‍රණාමය පුද කරන බවත් ඔහු එහි දී වැඩිදුරටත් සඳහන් කර තිබුණා.