2023 ජූලි 04, ප.ව. 9:35
සියම් රජතුමා දළදා මාලිගාවට පුජාකළ තායි රාජා ඇතා නැවත තායිලන්තයට ගෙන යෑමට උත්සහ කළහොත් ඇතාගේ නඩත්තුවට ගිය වියදම ඉල්ලා තමන් නඩු පවරන බව හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා පවසනවා.
දුන්න තෑග්ගක් නැවත ඉල්ලීම සදාචාරාත්මක නොවන කාර්යයක් බවද ඔහු සඳහන් කළා.
තායි රාජා ලංකාවට ගෙනවිත් අවුරුදු 37ක් වන බවත් මේ දක්වා ඇතා සුවෙන් පසුවන නමුත් ඇතා ගැන වැරදි තොරතුරු එන්.ජී.ඕ නඩ විසින් තායිලන්තයට සපයන බවත් දැන ගන්නට ඇතැයිද හිටපු දියවඩන නිලමේවරයා කියා සිටියා.
මේ අතර තායිලන්තයේ ජනතාවට ඉල්ලන්නේනම් ලංකාවට දුන්න ඉතිරි අලි දෙදෙනාද නැවත එරටට ගෙන්වා ගැනිමට සුදානම් බව තායිලන්තයේ පරිසර ඇමැති වරාවුත් සිල්පා ආර්වා මහතා පසුගියදා පවසා තිබුණා.
මේ සම්බන්ධයෙන් වීශේෂ ප්‍රකාශයක් කළ හිටපු දියවඩන නිලමේවරයා මෙසේද සඳහන් කළා.
“දළදා මාලිගාවට ඇත් පැටවකු පුජාකරන්න කියලා මම එරට භූමිපෝල් මහ රජුගෙන් ඉල්ලිමක් කළා.එවකට හිටපු මහනායක හිමිවරුන්ගේ අනුමැතිය අනුවයි ඒ ඉල්ලිම කළේ.ඒ අනුව තමයි එරට රජතුමා ඇතුළු රජ පවුලේ අය 1986 දි තායි රාජා මාලිගාවට පුජාකළේ. මේ ඇත් පැටවා ගෙනාවේ ඇමෙරිකාවේ යුද ගුවන් යානාවකින්. ඒ සදහා ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගෙන් විශේෂ අවසරයක් ගන්න වුණා. යුද ගුවන් යානයක් ලංකාවට ඒම ගැන ඒ කාලයේ කලබලයකුත් ඇතිවුණා. ඇත් පැටවා ගෙනා දා සිට පශු වෛද්‍ය විජිත කුරුවිට, මහාචාර්ය නෙවිල් සිල්වා හා වෛද්‍ය දංගොල්ල යන මහත්වරුන්ගේ අධක්ෂණය යටතේ හැදුණා.
“තායි රාජාට කිසිම හිරිහැරයක් නැහැ.නමුත් මුතු රාජාගේ ප්රශ්නය මත තායිලන්තයෙන් දුන්න ඉතිරි ඇතුන් දෙන්නාද ආපසු ගෙන්වා ගන්න කියලා එන්ජිඕ සංවිධාන දැන් හඬනගනවා. ඒ අනුව තමයි තායිලන්තයේ පරිසර ඇමැති මේ ගැන ප්‍රකාශයක් කර තිබෙන්නේ. මුතු රාජා මුලින්ම දෙන්න හැදුවේ දළදා මාලිගාවට.නමුත් චන්ද්‍රිකා ජනාධිපතිනිය එය වෙනස්කර අලුත්ගම කන්දේ විහාරයට ඇතා දුන්නා. මුතු රාජා ගෙනගිය ආකාරයට තායි රාජාත් ගෙනියන්න හැදුවොත් ඊට ඉඩදිය යුතු නැහැ.ඒ සතා ගෙනා දා සිට මේ දක්වා විශාල මුදලක් ඇතා වෙනුවෙන් වියදම් කර තිබෙනවා.මගේ කාලයේදි වගේම මේ කාලයේදිත් ඒ වියදම් ගියා.එහෙම ගෙනියන්න උත්සහ කරනවානම් නඩත්තුවට ගිය වියදම තායිලන්තයෙන් ඉල්ලා මම අනිවාර්යයෙන්ම නඩු පවරනවා.”
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06