hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2023 ජූලි 05, පෙ.ව. 2:18



ශ්‍රී ලංකාවේ සිට නැවතත් තායිලන්තයට ගෙන්වා ගත් මුතු රාජ හෙවත් තායිලන්තය තුළ සක් සූරීන් ලෙස හඳුන්වන ඇතාගේ ප්‍රතිකාර සඳහා මුදල් එකතුකරන බවට සඳහන්ව සමාජ මාධ්‍ය ජාලාවල සිදුවන වංචාවලට හසුවීමෙන් වළකින ලෙස තායිලන්ත ලැම්පෑන්ග් පළාතේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානය එරට මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ලම්පෑන්ග් පළාතේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සුරට්චායි ඉන්වයිට් පැවසුවේ එම මධ්‍යස්ථානය මහජනතාවගෙන් අරමුදල් ඉල්ලා නොසිටින අතර පරිත්‍යාග සඳහා ප්‍රචාරණ කිරීමට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

සක්සුරීන් වෙනුවෙන් ප්‍රතිකාර සැලැස්මක් සකස් කර ඇති අතර එය ක්‍රියාත්මක කරන බව සුරට්චයි පැවසුවා.

තායි භාෂාවෙන් සතා සමඟ සුහදව අදහස් හුවමාරු කර ගැනීමට උත්සාහ කරන අතරවාරයේ ඇතාට හෝ ඇත්ගොව්වන්ට බාහිර පුද්ගලයන් බාධා කිරීම වැළැක්වීම සඳහා නිරෝධායන කලාපය ඉදිරිපිට නිලධාරීන් ඇතුළුවීම තහනම් පුවරුවක් ඉදිකර තිබෙනවා.