2023 ජූලි 02, පෙ.ව. 4:16
කෝටි එකහමාරක් වටිනා රත්රන් රේගුව විසින් අත්අඩංගුවට ගත් පසු වජිර අබේවර්ධන මහතා විසින් රේගු අධ්‍යක්ෂක ජෙනරාල්ට බලපෑම් කර සතපහක් නොදී නිදහස් කර ඇතැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරනවා.
ඔහු මේ මෙම චෝදනාව එල්ල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින්.
වජිර අබේවර්ධන මහතා මෙය ප්‍රතික්ෂේප කළද පලක් නොවන බවත් බලපෑම් කලා නිසා බව ලිඛිතවම සදහන් වන බවද ඔහු තවදුරටත් කියා සිටිනවා.
ගුවන්තොටුපලේදී අල්ලන ලද නීති විරෝධී භාණ්ඩ තොගයක මිලියන 154 ක් වූ දඩය රුපියල් ලක්ෂය ට අඩු කිරීමද රේගු අධ්‍යක්ෂ වරයා කටයුතු කර ඇති බවට ද ඔහු එහිදී චෝදනා කරනවා.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:08