hit counter

2025 ජූනි මස 06 වන සිකුරාදා

2025 ජූනි 04, ප.ව. 3:39



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය මැයි දින සැමරුමේ දී පාපිසි කතාවක් කීවේ ජාතික ජන බලවේගයේ කිසිවකු ඉලක්ක කරගෙන නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී,  නජිත් ඉන්දික පවසයි.

‘ඇත්තටම මේ පාපිස්සේ කතාව කරනකොට එතන මම හිටියා. අපි හැමෝම හිටියා ඒ වෙලාවෙ. ඒක ජනාධිපතිතුමා නිශ්චිතව ඒ කතාව කියපු විදියක් තිබුණා. ඕනෙ කෙනෙකුට දැන් බලන්න පුළුවන්, ඒකෙ කිව්වේ අපේ ව්‍යාපාරය තුළ හිටියේ නැත්නම් යම් කාලෙක, සමහර තැන්වල පාපිස්සටවත් ගන්නෙ නැති අය දැන් අපේ ව්‍යාපාරයෙන් ගිහිල්ලා කියන කතාව තමයි ඔහු ප්‍රකාශ කළේ.

මට හරියටම වාක්‍ය මතක නෑ. ඔහු කළේ, අපේ ව්‍යාපාරයේ ඉඳලා ගිහිල්ලා අනිත් කඳවුර ඇතුළෙ ඉඳගෙන අපට චෝදනා කරන පිරිස ඉලක්ක කරගෙන කරපු ප්‍රකාශයක්.

නැතුව පක්ෂය ඇතුළෙ ඉඳගෙන ජාතික ජන බලවේගයේ අයට කියපු එකක් නෙවෙයි ඒක හොඳට බැලුවොත්’

නජිත් ඉන්දික මේ බව පැවසුවේ දෙරණ වාදපිටිය වැඩසටහට එකතු වෙමිනි.