hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2024 දෙසැම්‍බර් 25, පෙ.ව. 12:02



හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිට 23 වනදා ඉවත් කළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඔවුන් සේවය කළ ස්ථානවලට අනුයුක්ත කරන බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් පවසයි.

එම පිරිස ඊයේ දහවල් 12.00 සිට පස්වරු 6.00 දක්වා තමන් සේවය කළ ත්‍රිවිධ හමුදා කඳවුරුවලට අනුයුක්ත කළ අතර පසුව සාමාන්‍ය රාජකාරිවලට යොමුකරන බව ද හෙතෙම කීය.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට සිට ඉවත් කළ හමුදා සාමාජිකයන් දුෂ්කර ප්‍රදේශවලට යොමුකරන බවට ඇතැමුන් අසත්‍ය ප්‍රචාර ගෙනයන බව ද කර්නල් නලින් හේරත් කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: