hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2025 මාර්තු 13, පෙ.ව. 12:26



වගාහානි කරන රිළවුන් වඳුරන් දූපතකට ගෙන ගොස් දමා අභය දානය දෙනවා සේම දිනපතා කෑම දෙන වැඩපිළිවෙලක්ද ඇරඹිය යුතු බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමතී නලින් හේවගේ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදීයි.

වගාහානි කරන රිලවුන් වඳුරන් වැනි වන සතුන් පිළිබඳ සංගණනයක් ලබන 15 වැනිදා රටපුරාම පැවැත්වෙන බවද ඔහු එහිදී කියා සිටියා.

වගා අස්වනුවලින් 30%ක් 40%ක් අතර ප්‍රමාණයකට වන සතුන්ගෙන් හානි වන බවට පවසමින් ඔහු කියා සිටියේ, මෙය අද හාස්‍යයට ලක් කරන අයගෙන් විසඳුම් ඉල්ලීමේදී එයට පිළිතුරු නැති බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නලින් හේවගේ මහතා;

බල්ලන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. මේ වගා හානි කරන රිලව් වඳුරන් වැනි සතුන් දූපතකට හරි ගෙන ගොස් දමා, මිනිස්සු අර අවුරුද්දකට සැරයක් දානය දෙනවා වගේ දවසක් දවසක් ගානෙ ගොස් ඒ සත්තුන්ට කෑම ටික දෙන වැඩපිළිවෙළකට අප යා යුතුයි. මොනවා හරි විසඳුමක් වැඩපිළිවෙලක් මේ ප්‍රශ්නයට අවශ්‍යයි.

මේ වන සතුන්ගේ ප්‍රශ්නයට මීට වඩා හොඳ උත්තරයක් දෙන්න සූදානම් නම් එය පිළිගන්න අපි කැමතියි. මේකට විසඳුමක් තියෙනවා නම් ඒක අහන්න අපි කැමතියි. මේ වගා හානි කරන වන සතුන්ගේ සංගණනය ගැන සමහරුන් හාස්‍යයට ලක් කරනවා. අපි මේ සත්තු කැලෑවකට හරි කොහේ හරි දූපතකට දාලා හරි කෑම ටික සතුන්ට දෙන්න ඕන”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: