hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 03, පෙ.ව. 12:06



පසුගිය කාල සීමාවන්හි ඉන්ධන මිලදී ගැනීම්වලදී සිදුකරන ලද අක්‍රමිකයාතාවයන්ට දැනුත් වන්දි ගෙවමින් සිටින බවත් ඒ සියල්ල කළමනාකරණය ගනිමින් මිල සූත්‍රය අනුව ඉන්ධන මිල තීරණය කරන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

කොමිස් ගත් අය ගෙදර ගිය පමණින් කොමිස් ගැසීම නිසා සිදුවූ හානිය අවසන් නොවන බවත් පැවසූ ඔහු එම එය බරක් ලෙස තවදුරටත් ඉදිරියට යන බවද හෙතෙම කියා සිටියේය.

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

දැනට අපිට ජනතාවට සාධාරණයක් කරන්න පුළුවන් සහ තෙල් සංස්ථාව තියෙන ණය ගෙවන්න පුළුවන් පහුගිය කාලේදී තෙල් මිලදී ගැනීමේදී සිදුවුණු අක්‍රමිකතාවයන්ට දැනුත් අපි වන්දිගෙවමින් ඉන්නේ.

ඒ සියල්ල කළමනාකරණය කර ගැනීමට මේ අවස්ථාවේ තිබෙන සාධාරණ ක්‍රමවේදය තමයි මේ පවතින මිල සූත්‍රය.

මීට වඩා සාධාරණයක් ජනතාවට කරන්න පුළුවන් අපිට ඇත්තටම තෙල් සංස්ථාවට ණය ගෙවන්න තිබ්බේ නැත්නම් සහ පහුගිය කාලේ එහෙම වංචා සිද්ධ වෙලා තිබ්බේ නැත්නම්.

මොකද පහුගිය ආණ්ඩුව කරපුවා ඒ ඇමතිවරු ගෙදර ගිය පමණින් අවසන් වෙන්නේ නෑ. පාඩුව ඉස්සරහට එනවා.

ඒවත් ගණන් හදමින් තමයි ජනතා මත අවම වශයෙන් බරපටවමින් මේ ගමන අපි ගමන් කරමින් ඉන්නේ.

කොමිස් ගහපුවා කොමිස් ගහපු කෙනා ගෙදර ගිය ගමන් ඉවර වෙන්නේ නැහැ එයා ගෙදර නතර වුනාට කොමිස් එක අපිට බරක් හැටියට තව කාලයක් ඉස්සරහට දිවෙනවා. ඒවටත් වන්දිගෙවින් තමයි අපි ඉස්සරහට යන්නේ.

සමහර තෙල්මිලදී ගැනීමේදී ඒ කාලේදී එච්චර ප්‍රමාණයක් ඒ මාජීන් තියාගත්තේ නැත්නම් අපිට මේට වඩා අඩුවට ජනතාවට තෙල් දෙන්න තිබ්බා.

ඒ නිසා මතක තියාගන්න කොමිස් ගහපු කෙනා ගෙදර ගියාට කොමිස් එකේ බලපෑම තව ටික කාලයක් තියෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: