hit counter

2025 ජූලි මස 15 වන අඟහරුවාදා

2025 ජූලි 15, ප.ව. 5:16



තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මෙවැනි වැඩ වර්ජනවලින් තැපැල් දෙපාර්තමේන්තුවට හෝ තැපැල් සේවයට කිසිදු වාසියක් නැති බවත් සිදුවන්නේ තවත් අඩියක් දෙකක් පස්සට යන එක බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අද (15) දින පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“තැපැල් දෙපාර්තමේන්තුව දුවන්නේ පාඩුවට. අපිට මීට අවුරුදු එකසිය ගාණකට කලින් තිබුණ තැපැල් දෙපාර්තමේන්තුව නෙමෙයි දැන් අවශ්‍ය කරන්නේ, තවත් වාණිජ ආයතන ගණනාවක් සමග තරග කළ හැකි නවීකරණය කළ තැපැල් දෙපාර්තමේන්තුවක්. දෙපාර්තමේන්තුව ලාභ ලැබුවොත් තමා භාණ්ඩාගාරය හරහා රටට වාසියක් අත්වෙන්නේ.

තැපැල් දෙපාර්තමේන්තුවට විශ්වාසයක් කීර්තිනාමය ආරක්ෂා කරගැනීමට විශාල මැදිහත් වීමක් කළ යුතුව තියෙනවා. ඉතින් මෙවැනි වැඩ වර්ජනවලින් තැපැල් දෙපාර්තමේන්තුවට හෝ තැපැල් සේවයට කිසිදු වාසියක් නෑ. වෙන්නේ තවත් අඩියක් දෙකක් පස්සට යන එක. ඒ නැති වුණ විශ්වාසය යළි අත්පත් කරගන්න තවත් කාලයක් ගත වෙනවා. 

එනිසා සමහර ඉල්ලීම් ක්ෂණිකව විසඳන්න පුළුවන් ඒවා නෙමෙයි. නිරන්තරයෙන් අපි අදහස් හුවමාරු කරගන්නවා. මේ විටින් විට සිදුකරන වැඩවර්ජන නිසා ඇත්තටම තමන්ගේ සේවයටම හානියක් කරගන්නවා. ඔබ අතර තියෙන තරගය නිසා මේ විටින් විට පැය 24 පැය 48 වැඩවර්ජන කිරීම ඇතුළේ තැපැල් සේවයත් විනාශ කරගන්නවා, විදිමත් සාකච්ඡාවකින් තොරව මේ වැඩවර්ජන කිසිසේත්ම සාධාරණ නෑ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: