hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2024 නොවැම්‍බර් 19, ප.ව. 2:36



නව රජයේ පළමු ඇමැති මණ්ඩලය අද රැස්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කායර්‍යාලයේදී ඇමැති මණ්ඩලය රැස්වී ඇත.

එහිදී ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් කර තිබේ.

මීට පෙර තිබූ තිදෙනෙකුගෙන් යුතු ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළේ එම අවස්ථාවේ ජනමාධ්‍ය ඇමැති ධුරය හෙබවූ විජිත හේරත්ය.