2025 අගෝස්‍තු 09, පෙ.ව. 12:05
ඉකුත් වසර පහක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් 82ක් සේවය හැරයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
මෙහිදී ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමක දී මෙම වෛද්‍යවරුන්ගෙන් බොහෝ පිරිසක් විදේශ පුහුණුව සඳහා ගොස් නැවත නොපැමිණි බවත්, ඉහත කාල සීමාවේ දී වෛද්‍යවරුන් 7 දෙනෙකු ඉල්ලා අස්වී ඇති බවයි.
ස්ථිර ලෙස වෙනත් සේවාවන් සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 57 දෙනකු මුදා හැර ඇති බවත්, වෛද්‍යවරුන් 233 දෙනකු විශ්‍රාම ගොස් ඇති බවත් ඔහු කියා සිටියා.
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 1139ක හිඟයක පවතින අතර, රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් දැනට 2042 ක් සිටින බව ද ඔහු සඳහන් කළා.
පසුගිය කාලයේදී රට ගිය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ලංකාවට පැමිණ ඇත්තේ 40% පමණක් බවත්, වර්තමානය වනවිට එය 65% දක්වා හොද මට්ටමකට වර්ධනය වී ඇති බවත්, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 201 දෙනකු වයස අවුරුදු 60ට වැඩි අය බවත් 546ක් වයස 55-60 අතර අය බවත් ඔහු ප්‍රකාශ කළා.
ඒ අනුව, මේ වනවිට විශේෂඥ වෛද්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කරගෙන යන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
පසුගිය කාලයේ දී රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් පැමිණ ඇති බවත්, සෙසු අයත් එසේ පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළා.
එහිදී ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ, එම විශේෂඥ වෛද්‍යවරුන්ට මෙරටට පැමිණීමට ආරාධනා කරන බවත්, පැමිණීමට ඇති බාධා තිබේ නම් ඒවා ඉවත් කර දෙන බවයි.
2025 අගෝස්‍තු 10, ප.ව. 1:01
2025 අගෝස්‍තු 10, පෙ.ව. 12:29
2025 අගෝස්‍තු 10, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 10, පෙ.ව. 12:15
2025 අගෝස්‍තු 10, පෙ.ව. 12:12
10-08-25
10-08-25
10-08-25
10-08-25
10-08-25
10-08-25
10-08-25
10-08-25
10-08-25
10-08-25
09-08-25
09-08-25
09-08-25
09-08-25
08-08-25
08-08-25
08-08-25
08-08-25
08-08-25
08-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25