hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2025 ජූලි 16, පෙ.ව. 12:05



අමරිකානු තානාපති මහින්ද සමරසිංහ තීරු බදු අඩු කර ගැනීමට ලබා දුන් දායකත්වය පිළිබඳ කිසිවක් කිව නොහැකි බව අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසයි.

එම බදු අඩු කර ගැනීම සඳහා තානාපති මහින්ද සමරසිංහගේ රාජතාන්ත්‍රික අත්දැකීම් සහ සබඳතා විශාල පිටුවහලක් වූයේ යැයි ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් ඊයේ (15) පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍ය ප්‍රශ්න කළ විට හෙතෙම මේ බව කීය.

ඇමරිකානු රජය සමග එම සාකච්ඡාව සඳහා සහභාගී වූ දූත පිරිස ගැන තමන් තුළ විශ්වාසයක් ඇති බව ද මෙම බදු අඩු කර ගැනීම ලබා දුන්නේ එම පිරිස බව ද ඇමති නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඇමරිකාව 44%ක් ලෙස පැනවූ තීරු බද්ද මෙම සාකච්ඡාවලින් පසු 30% දක්වා අඩු කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.