hit counter

2025 නොවැම්‍බර් මස 13 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්‍බර් 14, පෙ.ව. 12:03



ලබන 21 වන දා විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක සහභාගීත්වයෙන් නුගේගොඩදී පැවැත්වීමට නියමිත විරෝධතා රැලිය සඳහා සූදානම් කර ඇති පෝස්ටරයේ ඡායාරූපයක් අප වෙත ලැබී තිබේ.

මෙම රැලියට ජනතාව සහභාගී විය යුත්තේ මන්දැයි පැහැදිලි කරමින්, ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනයට ලක් කරන ප්‍රධාන හේතු 21ක් එම පෝස්ටරය මගින් ඉදිරිපත් කර ඇත. රට පුරා මෙම පෝස්ටරය ප්‍රදර්ශනය කිරීමට නියමිත බව වාර්තා වේ.

21 නුගේගොඩට එන්න හේතු 21 යන මැයෙන් එය නිර්මාණය කර ඇත.

එම පෝස්ටරයේ සඳහන් වන හේතු 21 පහත පරිදි වේ:

  • ආණ්ඩුවේ බහාලුම් වංචාව හෙළි වූ නිසා
  • පොරොන්දු වූ පරිදි ගෑස් මිල අඩු නොකළ නිසා
  • විදුලි බිල තුනෙන් එකකින් අඩු නොකළ නිසා
  • කල්ලි මාෆියාව ආරක්ෂා කළ නිසා
  • බදු බර වැඩි කළ නිසා
  • ජාතියේ අභිමානය බිඳ හෙලූ නිසා
  • ගජ මිතුරු කල්ලි පාලනය නිසා
  • මැති ඇමතිවරුන්ගේ වත්කම් වංචා හෙළිදරව් වීම නිසා
  • උපාධිධාරීන්ට සහ සුදුසුකම් ලත් තරුණයින්ට රැකියා ලබා නොදීම නිසා
  • ගොවීන් අසරණ කළ නිසා
  • ජීවන වියදම ඉහළ දැමීම නිසා
  • නීතියේ ආධිපත්‍යය කෙලෙසූ නිසා
  • සමාජය තුළ වෛරය පැතිරවීම නිසා
  • සියලු ක්ෂේත්‍ර දේශපාලනීකරණය කිරීම නිසා
  • දේශීය සංස්කෘතිය විනාශ කළ නිසා
  • රණවිරුවන් දඩයම් කළ නිසා
  • බෙදුම්වාදීන් සමග සබඳතා පැවැත්වීම නිසා
  • රහස් ගිවිසුම් අත්සන් කළ නිසා
  • පැවසූ අසත්‍ය කරුණු හෙළිදරව් වීම නිසා
  • රට වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම නිසා
  • පැහැදිලි ඉදිරි වැඩපිළිවෙළක් නොමැති නිසා




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: