2025 නොවැම්‍බර් 21, පෙ.ව. 12:04
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥභාවය සහ එංගලන්තයෙන් ලබාගත් නීති උපාධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මාධ්‍යවේදිනී නිර්මලා කන්නංගර මහත්මිය කැඳවීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත්තේ මේ වසරේ පෙබරවාරි 14 වැනිදා වන අතර, එය ‘අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ නම් සංවිධානයක් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මත පදනම් වී ඇත.
කෙසේ වෙතත්, ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉන් අනතුරුව අප්‍රේල් 03 වැනිදා 42851/01/25 අංකය යටතේ බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නඩුව බහා තබා ඇති බවයි.
මාධ්‍යවේදිනී නිර්මලා කන්නංගර මහත්මිය විසින් නාමල් රාජපක්ෂ මහතාගේ උපාධි සහතිකය පිළිබඳව සිදුකළ ගවේෂණාත්මක හෙළිදරව්වෙන් පසුව, ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන එම විමර්ශනයට අදාළ කරුණු අධිකරණයට වාර්තා කිරීමට නියමිත බව වාර්තා වේ.
තවද, කූඨ ලේඛනයක් සකස් කිරීම සහ කූඨ ලේඛනයක් ඉදිරිපත් කිරීම යන චෝදනා යටතේ නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අධිකරණයට චෝදනා ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.
පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ, නාමල් රාජපක්ෂ මහතා සිය අයදුම්පත ඉදිරිපත් කරන දින වන විට මෙම ලන්ඩන් සිටි යුනිවර්සිටි විශ්වවිද්‍යාලයේ නීති උපාධිය ශ්‍රී ලංකාවේ නීති විද්‍යාලය විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක් නොවූ බවයි.
එහෙත්, එවකට අගවිනිසුරු සරත් එන් සිල්වා සහ එවකට නීතිපති මොහාන් පීරිස් මහතා ඇතුළු පිරිසකගේ මැදිහත්වීම මත එම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයක් බවට පත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥභාවය සහ එංගලන්තයෙන් ලබාගත් නීති උපාධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදී නිර්මලා කන්නංගර විසින් සිදුකළ අනාවරණයන් පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ යුතු බවයි.
ඇය විසින් නාමල් රාජපක්ෂ මහතාගේ නීති උපාධි සහතිකයේ නීත්‍යානුකූලභාවය සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳව තොරතුරු හෙළිදරව් කර ඇත.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද පස්වරුවේ හෝ පැමිණ මේ සම්බන්ධයෙන් පැහැදිළි කිරිමක් සිදු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කළේය. මේ අතර, මාධ්‍යයට අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මෙම චෝදනා අසත්‍ය ප්‍රකාශ ලෙස හඳුන්වමින්, 21 රැළියේ දී ඒවාට පිළිතුරු දීමට සූදානම් බව ප්‍රකාශ කළේය.
2025 නොවැම්‍බර් 21, පෙ.ව. 12:28
2025 නොවැම්‍බර් 21, පෙ.ව. 12:17
2025 නොවැම්‍බර් 21, පෙ.ව. 12:10
2025 නොවැම්‍බර් 21, පෙ.ව. 12:08
2025 නොවැම්‍බර් 21, පෙ.ව. 12:07
20-11-25
20-11-25
19-11-25
19-11-25
17-11-25
17-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
13-11-25
13-11-25
12-11-25
12-11-25