2026 ජනවාරි 19, ප.ව. 5:29
පසුගිය කාලයේ බලයට පත්වුණ සෑම ආණ්ඩුවක්ම සිදුකරනු ලැබුවේ, තම වගකීම ඉටුකිරීම මිස ලෝක සිතියමේ ලංකාව ස්ථානගත කිරීම ගැන සැලකිළිමත් වීම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පලකර සිටියා.
පසුගිය කාලයේ සිදුකළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ විවේචනය කිරීමට හැකියාව තිබුණද ඒවායෙන් ප්‍රයෝජන ගන්නා ආකාරය පිළිබඳ තවමත් ඔවුන්ට අධ්‍යයනය කරගැනීමකට නොහැකි වී ඇති බව නාමල් මහතා පෙන්වා දුන්නා.
අපි ඉතිහාසයේ කරපු ලොකුම වැරැද්ද තමයි අපි අවුරුදු 5කට ආණ්ඩුවක් අරගෙන ඒ අවුරුදු 5 කාලසිමාවේ අපි ආණ්ඩුවක් කරන්නේ කොහොමද කියලා හැම ආණ්ඩුවක්ම කල්පනා කලේ.ඒ හින්ද තමයි අධිවේගි මාර්ග හදනකොට බල්ලො බළල්ලුන්ට පාර මාරුවෙන්න බැහැ කියන මතවාදය ආවේ.මොකද දේශපාලන පක්ෂ හැමදාම කල්පනා කලේ තමන්ගේ අවුුරුදු පහ හෝ තමන්ගේ පාලන කාලය තුල තමන්ගේ වඟකිම ඉටුකිරිම මිසක් අවුරුදු 20-30කට අනුකුලව ලෝක සිතියමේ ලංකාව ස්තාන ගත කල යුත්තේ කොතනද කියලා අවබෝධයක් තිබුණේ නැහැ.පෝට්සිටි එක හදනකොට සීගිරියත් කඩන්න වෙනවා කියලා කිවුවා.කණගාටුවට කරුණ අද වෙනකම් මෙම කාරණා විවේචනය කිරිමට හැකියාව තිබුණත් මේවයේ ප්‍රයෝජනය ගන්න ආකාරය පිලිබඳව අධ්‍යනය කර ගන්න තවම අපොහොසත් වෙලා තියනවා.අසිමිත බදුබර තුල අලුත් රැකියා උත්පාදනය වෙන්නේ නැහැ.අනවශ්‍ය රෙගුලාසි නිතිරිති හසුන්වා දිම තුලින් රටකට ආයෝජකයින් එන්නේ නැහැ.එක අපි පහුගිය අවරුදු 5හේ 10 හොදාකාරවම දැක්කා.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයගේ කාලේ ඔහු ගෙනාව සමහර ආයෝජන පිලිබඳව දැඩි විවේචනයක් තිබුණා.ඒ විවේචන හරහා එවැනි ආයෝජන නොඑන්න නිති ගේන්න උත්සහ කළා.ඒකේ අනිත් විපාකේ මොකද්ද අද වෙනකම් ලංකාවට ආයෝජකයෝ ආවේ නැහැ.වරාය හපු කෙනාට බනිනවා මැනේජ්මන්ට් එක කරගන්න බැරි වුන කෙනා හොද මිනිහවෙලා හදපු කෙනා වැරදිකාරයා වෙලා.ගුවන්තොටුපල හදපු එකා වැරදිකාරයා වෙලා වි ගබඩා කරපු එකා හරි වෙනවා.හයිවේ එක හදපු කෙනා වැරදිකාරයා වෙලා ඉතුරු 37km හදාගන්න බැරි ව අවුරුදු 10ක් දඟලපු කෙනා හොද වෙලා……අද කලයුතු දේ හෙට කරලා හරියන්නේ නැහැ.ඒ නිසා තමයි අපි හැම තිස්සේම පාර්ලිමේන්තුවේදි කියන්නේ ඩිජිටල් පරිවර්ථනය මේ ආණ්ඩුවෙන් කල යුතුමයි.අද තියන ටෙක්නොලජි එක නෙමෙයි 2030 දි තියෙන්නේ.අපි ගනුදෙනු කරන්නේ ඉතා තරඟකාරි ලෝකයක…
2026 ජනවාරි 19, ප.ව. 7:41
2026 ජනවාරි 19, ප.ව. 4:30
2026 ජනවාරි 19, ප.ව. 4:11
2026 ජනවාරි 19, ප.ව. 2:50
2026 ජනවාරි 19, ප.ව. 2:43