2026 පෙබරවාරි 01, පෙ.ව. 10:16
යහපාලන කාලෙ සල්ලි අරන් බොරු කියපු අය අද මහජන මුදල් වියදම් කරලා තමන් කියපු බොරු ඇත්තක් කියලා ඔප්පු කරන්න අධිකරණය පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කරන්න උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ මාතර කඹුරුපිටිය ගමින් ගමට වැඩසටහන අතරතුර මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ
“අද මාතර දිස්ත්‍රික්කයේ ගමින් ගමට වැඩසටහන ආසන කිහිපයක පැවැත්වෙනවා.ඉතිං ඒ අනුව ගමින් ගමට වැඩසටහන පැවැත්වෙන අතරතුරේ ගරුතර මහා සංඝරත්නයත් බැහැදැකලා ආශිර්වාද ලබා ගන්න ආවා.ඉතින් වෙනද වගේම අදත් හෙටත් හැමදාම ගම්මට්ටමෙන් අපේ පාක්ෂිකයන් මුණගැහෙමින් අපි දේශපාලනිකව ගම් මට්ටමින් ශක්තිමත් වෙමින් ඉදිරියට යනවා.
ඒ වගේම තමයි ප්‍රාදේශීය සභා මැතිවරණ වෙනකොට අපි ශක්තිමත් බලවේගයක් විදියට අපි ගොඩනැගුණා.අපිට විශාල ඡන්ද ප්‍රමාණයක් වැඩි වුණා.අපේ හිතනවා ඉදිරි කාලසීමාව තුළත් විශේෂයෙන්ම මේ ආණ්ඩුව එදා කියපු බොරු සහ අපි දකිනවා යහපාලන ආණ්ඩුව ගොඩනගන කොට මූලික වෙච්ච බොහෝ පිරිස් අද මාධ්‍යයට ඇවිල්ලා ප්‍රකාශ කරනවා තමන් එදා රාජපක්ෂලට එදා තිබිච්ච ආණ්ඩුවට මඩ ගහන්න කොහොමද මුදල් වියදම් කරේ,ඒ මුදල් ගත්තු අය ගැනත් කියනවා.මොන සංවිධානද මොන දේශපාලන පක්ෂද කියලා.ඉතින් එහෙම තමයි මේ බොරුව සමාජගත කරේ.හැබැයි යහපාලන කාලෙ සල්ලි අරන් බොරු කියපු අය අද මහජන මුදල් වියදම් කරලා තමන් කියපු බොරු ඇත්තක් කියලා ඔප්පු කරන්න අධිකරණය පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කරන්න උත්සාහ කරනවා.ඉතිං ඒකෙන් සමස්ත රටම සමාජයම මේ රාජ්‍ය යාන්ත්‍රණයම කඩාගෙන වැටෙනවා.යම් දිනෙක මේවටත් ඒ අයට වගකියන්න වෙයි.සල්ලි වලට බොරු කියලා දැන් රටේ දේපළ පාවිච්චි කරලා ඒ බොරු ඇත්ත කරන්න උත්සාහ කරනවා නම් ඒක තමයි ලොකුම අපරාධය.එක පැත්තකින් චරිතඝාතනය කරනවා පුද්ගලයන්ගේ, බොරුව සමාජගත කරනවා සමාජය වෛරය ඉරිසියාව කුහකත්වය ක්‍රෝධය පතුරනවා අනිත් පැත්තෙන් තමන්ගේ බොරුව ඇත්ත කියලා කියන්න ඕන හින්දා මිනිස්සුන්ගේ බදු මුදල් වියදම් කරනවා.ඉතින් ඒක තමයි සැබෑ අවභාවිතය.ඉතින් ඒකත් මතක තියාගන්න ඔය දඟලන අය.
මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න ගිහිල්ලා ආණ්ඩුව යම් අපහසුතාවයකට පත්වුණා අපි දැක්කා ඒක.සමාජයට රටට නොගැලපෙන සමහර දේවල් පොත්පත්වලට ඒ දරුවන්ගේ මනසවල් විකෘති කරන්න ඇතුළත් කරලා.ඒ වගේම දැන් ගල් අඟුරු සම්බන්ධයෙන් මහා වංචාවක් එළි වීගෙනයනවා.ආණ්ඩුව දැන් කියනවා බාලයි තමයි ඒ හින්දා පොඩි දඩයක් ගහලා අපි ගත්තා කියලා.හැබැයි ඉතින් දඩේ ගැහුවත් නැතත් ඉල්ලුම් කරපු එක නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ.ඒ කියන්නේ බාල බඩු රටට ගත්තා.ඒ විසින් වහගන්න ඕන උනාම අපිට සී අයිඩී එකට එන්න කියනවා.ඒ වගේම පහුගිය කාලේ අපි දැක්කනේ අධිකරණ ඇමතිතුමා කියනවා ජනවාරි මාසයේ අපිව ඇතුලට දානවා කියලා.ඉතිං ඒ කැඳවීම් තමයි මේ ලැබෙන්නේ.මාව අපේ අම්මව ඔය සීඅයි ඩී එකට ගෙනාවත් හිර ගෙවල්වල දැම්මත් ආණ්ඩුවේ මේ ගල් අඟුරු වංචාව මේ රටේ ආගමට දහමට සංස්කෘතියට කරන විනාශය මහා සංඝරත්නයට සහ අගමික නායකයන්ට කරනන අසාධාරණය අනිත් පැත්තෙන් කන්ටේනර් පන්නපුවා කුඩු කන්ටේනර් පන්නපුවා තවත් පැත්තකින් ආපදාවට ලක් වෙච්ච අසරණ ජනතාව රවට්ටන්න බොරු චෙක් දීලා ඒ චෙක් වල මුදල් නැතුව ආයෙ ඇවිල්ලා ඉතින් ඕවා වහගන්නන බෑ.ඒවා වහගන්න පුළුවන් කියල හිතනවනම් කරලා බලමුකෝ.
රජයට තරුණයෝ අවශ්‍ය වෙන්න විපක්ෂයේ ඉන්න කාලේ ජේවීපී එකේ වැඩ වලට.ආණ්ඩු බලය ආවම ගහලා පන්නනවා.එහෙම තමයි මේ ආණ්ඩුවේ හැසිරීම.ඒ ගුරුවරුන්ගේ ප්‍රශ්නය විසදලා තිබිච්ච කාරණයක්.එකඟ වෙලා තිබ්බේ බඳවාගන්නා ආකාරය ක්‍රමවේදයකට අනුකූලව.ඒ දරුවෝ ඒ ක්‍රියාවලියට අවශ්‍ය සුදුසුකම් සපුරාගෙන ලෑස්ති වෙලා හිටපුඅය.අධිකරණයටත් ගිහිල්ලා එකඟ වෙලා තිබිච්ච කාරණයක්.හැබැයි හැබැයි අද ආණ්ඩුව බලයට ඇවිල්ලා ඒ අයගෙන් ඡන්ද කාලේ වැඩ අරගෙන දැන් කියනවා දෙන්න බෑ කියල.හැබැයි අනිත් පැත්තෙන් ගුරු හිඟයකුත් තියෙනවා.හැබැයි මට දැනෙන විදියට එකම වැරැද්ද ඒ දරුවෝ කරලා තියෙන්නේ ජේවීපී එකේ ගුරු සංවිධාන ශිෂ්‍යයන්ට උගන්වන්වන්නේ නැතුව පාරට බැහැලා උද්ඝෝෂණ කරනකොට එදා මේ අය පාසලට ගිහිල්ලා දරුවන්ට ඉගැන්නුවා.ඒක තමයි කරලා තියෙන වැරැද්ද.එදා දරුවා අපහසුතාවයකට පත් කරන්නැතුව දෙමාපියන් අපහසුතාවයට පත්කරන්නේ නැතුව උගන්නපු ගුරුවරයව අද මහ පාරේ ඉන්දලා තියෙනවා.ඉතින් මේක තමයි මේ අයගේ දේශපාලන න්‍යාය පත්‍රය.
ආණ්ඩුවට ඕන විදිහට හැසිරුණේ නැත්නම් විනිශ්චකාරයෙක් වෙන්න පුළුවන් ග්‍රාම සේවක කෙනෙක් වෙන්න පුළුවන් ආණ්ඩුවට ඕන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කළේනැත්නම් ස්ථාන මාරුවීම් දෙනවා.ඒ වගේම තමයි අපි දැක්කා හිටපු ලේකම්වරු අනූෂ පැල්පිට ලේකම්තුමා අත්අඩංගුවට අරගෙන තියෙනවා.පිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මැතිතුමාව අත්අඩංගුවට ගත්තා.පහුගිය යහපාලන ආණ්ඩුව ලලිත් වීරතුංග මහත්තයව අත්අඩංගුවට ගත්තා.මේ කාරණා වලින් වෙන්නේ රජයේ නිලධාරීන් කිසිම තැනක තීන්දුවක් තීරණයක් ගන්නේ නැහැ.සාමාන්‍යයෙන් ඔබ මාධ්‍යවේදියෙක් විදියට ඔබ යම්කිසි කෙනෙක්ට චෙක් එකක් දීලා ඒ චෙක් එකේ මුදල් නැතුව ආපහු ආවොත් මොකක්ද වෙන්නේ.හැබැයි ජනාධිපතිතුමා දැන් උත්සවයක් තියලා චෙක් බෙදලා තියෙනවා මුදල් නෑ.දැන් ඒකට කවුද වග කියන්නේ.ඔබට ක්‍රියාත්මක වන නීතිය ජනාධිපතිතුමාගේ වේදිකාවට ක්‍රියාත්මක වෙනවද.සිස්ටම් වෙනස්වෙලා නම් එහෙම වෙන්න එපැයි.ජනාධිපතිතුමාට බෑනේ බොරු කරන්න.ජනාධිපතිතුමා කලින් නම් කිව්වා පාර්ලිමේන්තුවේ විතරයි බොරු කියන්නේ කියලා. හැබැයි දැන් බොරුවට චෙක්පත් බෙදලා ලැජ්ජ නෑ.රටේ ජනාධිපති මොනව කරන්න ඉතින් ලැජ්ජයි.
ජනතාව ව්‍යවස්ථානුකූලව වසර පහකට මැතිවරණයකින් බලය දීලා තියෙනවා.ජනතා විරෝධී අරගල තුළින් මේ රට ගිනි තියලා මරලා වාහන ගිනි තියලා මන්ත්‍රීවරු ඝාතනය කරලා කරන දේශපාලනය අපේ ළඟ නෑ.හැබැයි අපි විශ්වාස කරනවා මේ රටේ ආණ්ඩුවට හැමදාම බොරුව කරලා මිනිස්සු රවට්ටන්න බෑ.මේ යන විදියට ලැබෙන පළවෙනි අවස්ථාවෙන් ආණ්ඩුවට මැතිවරණයක් තියන්න වෙයි.මොකද මම හිතන්නෙ නෑ මේ යන විදියට බොරුවට චෙක් බෙදලා උත්සව තියලා ඊළඟ දවසේ චෙක්පත් අගරුවෙලා, ඉතින් මේ විදියට ආණ්ඩු කරන්න බෑනේ. පැලවත්ත කාර්‍යාලය නම් එහෙම දුවන්න පුළුවන් ඇති හැබැයි ආණ්ඩුවක් නම් බෑ එහෙම කරන්න.
මේ වෙලාවේ ලෝක කුසලානයක් එනවා.ඉතින් ක්‍රීඩකයන්ට මානසික පීඩනයක් දෙනවා වෙනුවට අපි කරන්න ඕන ක්‍රීඩකයන් මානසිකව වර්ධනය කරලා ශක්තිමත්ව පවත්වාගන්න පුළුවන් ආකාරයට අපි හැම දෙනාම හැසිරෙන්න ඕන.විදේශපාලනඥයෝ විදිහට ඕකට මැදිහත් වුණොත් නේ ඕක දේශපාලනය වෙන්නේ,ඉතිං අපි දැනට ක්‍රිකට් වලින් පැත්තකට වෙලා ඉඳලා මේ රටේ ජනතාවට ඊට වඩා හුඟක් ප්‍රශ්න තියෙනවා.ක්‍රීඩකයන් මානසිකව ශක්තිමත් කරලා ලෝක කුසලානයට මුහුණ දෙන්න සූදානම් කරොත් හොඳයි.ක්‍රිකට් බෝඩ් එක එක්ක හෝ ක්‍රිකට් පුහුණුකරු එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක වෙනම බේරගත්තොත් හොඳයි කියලා මම හිතනවා.
2026 පෙබරවාරි 01, පෙ.ව. 12:25
2026 පෙබරවාරි 01, පෙ.ව. 12:22
2026 පෙබරවාරි 01, පෙ.ව. 12:16
2026 පෙබරවාරි 01, පෙ.ව. 12:14
2026 පෙබරවාරි 01, පෙ.ව. 12:14