2025 මාර්තු 11, පෙ.ව. 12:21
වගාවට හානි කරන සතුන් සංගණනයක් කිරීම සඳහා මුද්‍රණය කරන ලද පෝරමයකට වැයවී ඇත්තේ ශත 30ක් වැනි මුදලක් යැයි කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පැවසීය.
එම පෝරම ලක්ෂ 70ක් පමණ රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය කර ඇති අතර එයට රුපියල් ලක්ෂ 21ක පමණ මුදලක් වැය වී ඇත.
2011 වසරේ අලි සංගණනයක් සිදුකළ පසුව සත්ත්ව සංගණනයක් සිදුකර නැති බවත්, ලබන සෙනසුරාදා (15දා) සිදුකරන සංගණනයෙන් වගාවට හානි කරන මොනරා, දඬුලේනා, රිළවා සහ වඳුරා යන සතුන් කොපමණ සිටිනවාද යන්න පිළිබඳව යම් අවබෝධයක් ලබාගත හැකි බවත් නි. ඇමැති කරුණාරත්න මහතා කීය.
පෙරවරු 8.00 සිට පෙරවරු 8.05 දක්වා සංගණනය කරන කාලය තීරණය කළේ ද සතුන් රාත්‍රී කාලයට කුසගින්නේ සිට එළියට පැමිණෙන වේලාවන් සැලකිල්ලට ගෙන බවත් ඉත්තෑවා සහ වල් ඌරා සංගණනයෙන් ඉවත් කරනු ලැබුවේ එම සතුන් රාත්‍රී කාලයට පැමිණෙන නිසා බවද ඔහු කීය.
මෙම සංගණනයට විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කිරීමෙන් හොඳ ප්‍රචාරයක් ලැබී ඇති බවත්, එය මෙම සංගණනය යම් සාර්ථකත්වයක් කරා ගෙනයෑමට ආශිර්වාදයක් වී ඇති බවත් ඔහු කීය.
මේ වනවිට රාජ්‍ය නිලධාරීන්, ගොවීන් ඇතුළු පාර්ශ්ව රැසක් සංගණනය සාර්ථක කරගැනීමට සහාය ලබාදෙන බවට ප්‍රකාශ කර ඇති බවත්, ගොවීන් ඇතුළු පිරිස තම වගාවට හෝ ගෙවත්තට එන ඉහත සතුන් කොපමණ සංඛ්‍යාවක් පැමිණියාද යන්න සටහන් කර පත්කර ඇති නිලධාරියාට ලබාදීමෙන් පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයටත් ඉන් අනතුරුව අමාත්‍යාංශයට එම ලේඛන ලැබීමට නියමිත බවත් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
2025 මාර්තු 11, පෙ.ව. 12:30
2025 මාර්තු 11, පෙ.ව. 12:26
2025 මාර්තු 11, පෙ.ව. 12:24
2025 මාර්තු 11, පෙ.ව. 12:19
2025 මාර්තු 11, පෙ.ව. 12:17
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
10-03-25
10-03-25
10-03-25
10-03-25
10-03-25
10-03-25
10-03-25
10-03-25
10-03-25
10-03-25
09-03-25
09-03-25
09-03-25
09-03-25
09-03-25
09-03-25
09-03-25
09-03-25