2025 අප්‍රේල් 07, ප.ව. 2:07
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.
ඔහු පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හරින ලද ඩේසි ෆොරස්ට් හෙවත් ඩේසි ආච්චි නමින් හඳුන්වන තම මිත්තණිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද දිනයේ කැඳවා තිබූ බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, වර්තමානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීම සුපුරුදු සිදුවීමක් බවට පත්ව ඇති බවයි.
”මේ දවස්වල අපට වඩා ආණ්ඩුව කෙඳිරි ගානවා. ආණ්ඩුව කෙදිරි ගාන්න ගාන්න අපව CID ගේනවා. ආණ්ඩුව හිතනවා ඊටපස්සේ අපි කෙඳිරි ගායි කියල. ආණ්ඩුව අපට කෙඳිරි ගාන්න කියල මේ රටේ ජනතාවට කෙඳිරි ගාන තැනට රටේ ආර්ථිකය වට්ටන්න එපා. ඒ නිසා අපි ආණ්ඩුවෙන් කරුණාකරලා ඉල්ලන්නේ මැතිවරණ කාල සීමාවේ වුණත් අපිට එන්න කිව්වම අපි ඇවිත් සහයෝගය දෙනවා. හැබැයි ඉතින් ඔබ මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දු තියෙනවා. පොරොන්දු ඉෂ්ට කරන්න. සමහර ආණ්ඩුවල ඉන්න මැති ඇමැතිවරුත් හිතනවා මේක තමා ලේසිම ක්‍රමය ජනතාවගේ ප්‍රශ්න මඟ හැරගන්න. දැන් රැකියා අහිමි වෙනවා. ඇමරිකාව අලුතෙන් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරලා තියෙනවා. අපේ ආණ්ඩු බුදියගෙන ඉඳල නින්දෙන් නැගිට්ට වගේ කමිටුවක් පත්කරලා ඇමරිකන් ජනාධිපතිවරයා එක්ක සාකච්ජා කරනවලු. මේක මාස දෙක තුනකට කලින් ඉදන් පාර්ලිමේන්තුවේ සාකච්ජා වුනා. ඒ වෙලාවේ කළේ රාජපක්ෂලා ගැන හොයනවා කියා කියා හිටියා. නැත්නම අපි ඇමතිවරු මෙච්චර හිරේ දානවා අච්චර හිරේ දානවා කියා කියා හිටියා. ජනාධිපතවරයා වුණත් වේදිකාවට නැගල ඒ මුහුණ දෙන්න වෙන අභියෝග ගැන කිව්වේ නැහැ. හැබැයි බන්ධනාගාර ගතකරන ඒවා ගැන ජනාධිපතිවරයා කියනවා. ආණ්ඩුව පැහැදිලිවම සැලැස්මක් නැතුව උදේට නැගිටලා හවසට ආණ්ඩුව කරන්නේ කොහොමද කියල කල්පනා කරලා අමාරුවේ වැටුනට පස්සේ හිතනා අපිව හිරේ දාලා අපිව මේවට ගෙනල්ලා ආණ්ඩුවට තමන්ගේ පාලනය අරන් යන්න පුල්වුවන් කියල. එහෙම හිතනවා නම් ආණ්ඩුවට වැරදිලා.” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් පවසන ලදී.
2025 අප්‍රේල් 07, ප.ව. 6:39
2025 අප්‍රේල් 07, ප.ව. 3:45
2025 අප්‍රේල් 07, ප.ව. 12:17
2025 අප්‍රේල් 07, පෙ.ව. 11:03
2025 අප්‍රේල් 07, පෙ.ව. 10:35
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
06-04-25
06-04-25
06-04-25
06-04-25
06-04-25
06-04-25
06-04-25
06-04-25
06-04-25
06-04-25
06-04-25
06-04-25