hit counter

2025 අගෝස්‍තු මස 27 වන බදාදා

2025 ජූලි 11, පෙ.ව. 12:05



ජූලි 09 දින සිදුවීම් සිහිපත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසූවේ එවකට ආණ්ඩුවේ සිටි තමන්ට වඩා අද ජනතාව දුක් වන බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළවා, ජාතික ජන බලවේග ආණ්ඩුවක් ගෙනැවිත්, ඔවුන් රැවටීමට ලක්කළ බවට, ‘ඇන්දවූ’ බවට දුක්වන බොහෝ පිරිසක් සිටින බව ඔහු පවසයි.

ඒ අනුව, අවංකව අරගල සිදුකර, මෙරට ක්‍රම වෙනසක් සිදු කිරීමට තරුණයින් බලාපොරොත්තු වූ බව පැවසු නාමල් මහතා තිබුනාටත් වඩා ගතානුගතික, 88/89 කාලයේ තිබුණු ක්‍රමයේ ආණ්ඩුවක් ස්ථාපිත කර ඇති බව පැවසුවා.

ඔහු පවසන්නේ වත්මන් ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශ කරන ඕනෑම දෙයක් ‘Yes Sir’ ලෙස පවසා ඒ ආකාරයෙන්ම එකඟවන තත්ත්වයක් තිබෙන බවයි.

ගෝඨාභය රාජපක්ෂ එළවපු අය මට වඩා ආණ්ඩ්වේ හිටපු අයට වඩා දුක් වෙනවා. ගෝඨාභය එලවලා ජේවිපි ආණ්ඩුවක් ගෙනල්ලා රැවටුනා කියලා අපිව රැවැට්ටුවා කියලා ඇන්දුවා කියලා දුක්වෙන බොහෝ පිරිසක් ඉන්නවා.

ඒ වගේම මම දුක්වෙනවා අවංකව අරගල කරලා සිස්ටම් එක චේන්ජ් කරන්න බලාපොරොත්තු වෙච්ච ලමයි තරුණයන් ජනතාව තිබ්බටත්වඩා ගතානුගතික පාරම්පරික 88/89 ආණ්ඩුවක් ස්ථාපන කරලා තියනවා.

ඒ නිසා ගෝඨාභට රාජපක්ෂකියන්නේ එක සාදකයක් විතරයි මේ රටේ විධායක ජනාධිපතිවරයෙක් විදියට.එතුමාව යවලා ගෙනාපු සිස්ටම් එකෙන් වෙන ඩැමේජ් එක. ගෝඨාභය ධුරයෙන් ඉවත් කරලා ගෙනාපු ක්‍රමවේදයෙන් වෙන හානිය වැඩියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: