hit counter

2025 ඔක්‍තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 13, පෙ.ව. 12:04



අපේ ළමයි දේශපාලනේ කරයිද නැද්ද දන්නේ නැති බවත් හැබැයි ඒක එයාලගේ අතේ තියෙන බවත් ඕන වුණොත් කරන්න පුළුවන් වෙන්න සෙට් කරලා තියෙන්න ඕන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“අද මම මොකක් හරී කීවොත්, ඒක තව අවුරුදු 10කින් හරි මට බලපානවා. හැබැයි මම යම් ක්‍රියාවක් කලොත්, නැවැත්තුවොත් හෝ පටන් ගත්තොත් ඒකෙ ප්‍රතිලාභය, ප්‍රතිඵලය තව අවුරුදු 10කින් අපේ රටට බලපානවා.

තමන් ගන්න හැම ප්‍රතිපත්ති තීන්දුවක්ම, අවුරුදු 20කට ගැලපෙන්න ඕනේ. මට කොහොමත් ඒක කරන්න වෙනවා. තව අවුරුදු 10ක් ගියත් 49යි, 20ක් ගියත් 59යි, 30ක් ගියත් 69යි. අපේ තාත්තගේ වයසට එන්න තව අවුරුදු 40ක් යනවා.

එතකොට මේ පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් අයගේ වයසට එන්න අවුරුදු 20වත් ඉන්න වෙනවා. මට කොහොමත් තව අවුරුදු 5කට, 10කට ශේප් වෙලා මාරු වෙලා ඉන්න බෑ. ඇයි මං ඉන්න එපැයි මෙහෙ. මට පිස්සු කෙළින්න බෑ. හංගන්න දෙයක් නෑ, අපේ සීයලා දේශපාලනේ කරා, තාත්තා කරා, දැන් අවුරුදු 100ක් දේශපාලනේ කරලා තියෙනවා.

අපේ ළමයි දේශපාලනේ කරයිද නැද්ද දන්නේ නෑ. හැබැයි ඒක එයාලගේ අතේ තියෙන්නේ. හැබැයි ඌට කරන්න ඕන වුණොත් කරන්න පුළුවන් වෙන්න, සෙට් කරලා තියෙන්න ඕනේ. නැත්තන් උඹේ සීයයි, තාත්තයි කෙළියා කිව්වොත් වැඩේ අවුල් වෙනවා. මට බනින්න පටන් ගනියි ඊට පස්සේ.

ඒ හින්දා මම එහෙම ආපස්සට වදින තීන්දු ගන්නේ නැහැ. තව ආයේ අපේ ළමයි ඇවිල්ලා ණය ගෙවන්න සෙට් කරන්නේ නැහැ මම. ඒ අයටත් ගෙවන්න ඕන නම් Cash Flow එක හදලා දෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: