2025 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:10
මාලිමා ආණ්ඩුවේ මර්දනයට එරෙහිව වෘත්තීය සමිති ඇතුළු සියලු පාර්ශ්වයන් එක්ව ක්‍රියා කිරීමට පෙළ ගැසිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
වත්මන් ආණ්ඩුව ප්‍රමුඛත්වය දෙන්නේ රටේ සංවර්ධනයට නොව මර්දනයට බව ද හෙතෙම පෙන්වා දෙයි.
වෘත්තිය සමිති නායකයන් හා නියෝජිතයන් සමඟ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ නාමල් රාජපක්ෂ, තව දුරටත් කියා සිටියේ ආණ්ඩුව විරුද්ධවාදින් පසුපස වේගයෙන් හඹා ගොස් ඔවුන් මර්දනය කිරීමට පියවර ගෙන ඇති බවයි.
ආණ්ඩුව දියත් කර තිබෙන රණවිරු දඩයමට හා වෘත්තිය සමිති මර්දනයට එරෙහිව සියලුම රණවිරුවන්, වෘත්තිය සමිති නායකයින්, රාජ්‍ය සේවකයින්, අනෙකුත් සංවිධාන හා ජාතික බලවේග පෙළ ගැසෙන ලෙස නාමල් රාජපක්ෂ මෙහිදී විවෘත ඉල්ලීමක් කළේය.
රණවිරුවන් දඩයම් කිරීමත් වෘත්තිය සමිතිවලට බලපෑම් කිරීම හා මර්ධනය කිරීමට මාලිමා ආණ්ඩුව අසාර්ථක උත්සාහයක නිරතව සිටින බවට චෝදනා කරන රාජපක්ෂ, මේ සඳහා කිසිසේත් ඉඩ නොතබන බව අවධාරණය කළේය.
ආණ්ඩුව සිදු කරන මේ මර්දනයන්ට මුහුණදීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ගොඩනඟන බවද ඒ සඳහා තමා හොඳ සූදානමකින් යුක්තව කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් පැවසීය
2025 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:12
2025 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:05
2025 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:00