hit counter

2025 සැප්‍තැම්‍බර් මස 11 වන බ්‍රහස්පතින්දා

2025 සැප්‍තැම්‍බර් 11, ප.ව. 1:59



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ 2019දී පැවති විවාහ උත්සවයට ලංකා විදුලිබලමණ්ඩලයෙන් රු මිලියන 2කට අධික මුදලක් නොගෙවා විදුලිය ලබාගැනීමට එරෙහිව පවරා ඇති නඩුව ඉදිරියට ගෙන යෑමට අග්‍රවිනිශ්චකාර පද්මන් සූරසේන මහතා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි මහතා අද අවසර ලබා දුන්නා.

රාජ්‍ය බලය අවභාවිතා කරමින් පෞද්ගලික නිවසක තිබූ උත්සවයකට යන මාර්ගය කි.මි 1.5 ක් ආලෝක කිරීමට මෙසේ විදුලිය ලබාගෙන ඇති බවත්, පා.ම. ඩී.වී චානක මහතාගේ ඉල්ලීමක් මත එවකට විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපදෙස් මත බවත් අධිකරණ ඉදිරියේ හෙළිදරව් විය.

තවද මෙම පෙත්සම ගොණු කිරීමෙන් අනතුරුව රෝයල්කෝ ඇක්වා කල්චර් (පුද්) සමාගම නැමැති කිසිදු සම්බන්ධයක් නොමැති පාර්ශවයක් විසින් එම මුදල ගෙවා ඇති බවත් එකී කරුණු සියල්ලෙන්ම බලය අවභාවිතා වී ඇතිබව සහ දූෂණය ස්ථාපනය වන බවත් පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දක්වනු ලැබුවා.

තමන් ලද උපදෙස් මත කටයුතු කරන ලද බව විදුලිබල මංඩලය වෙනුවෙන් කරුණු දැක්වූ අතර තමන් වෙත කිසි අවස්ථාවක බිලක් නොලැබූ බව සහ තමන් වෙනුවෙන් තෙවන පාර්ශවයක් මුදල් ගෙවා ඇති බව හිටිපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කරුණු දැක්වීය.

කරුණු සලකා බලා නඩුව ඉදිරියට ගෙන යෑමට අවසර ලබා දී විභාගය 2026.03.17 දිනට නියම කරනු ලැබුවා.

පෙත්සම්කාර නීතිඥ විජිත කුමාර වෙනුවෙන් තමිලා පෙරේරා මහත්මියගේ උපදෙස් මත දිනිති ප්‍රසාදිනී මෙණවිය සමඟ තිෂ්‍ය වේරගොඩ මහතා පෙනී සිටි අතර, විදුලිබල මංඩලය වෙනුවෙන් නීතිඥ පසිඳු සිල්වා මහතා පෙනී සිටින ලදී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ මහතා පෙනී සිටින ලදී. නීතිපතිවරයා සහ විගණකාධිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යුරේෂා ද සිල්වා මහත්මිය පෙනී සිටින ලදී.