hit counter

2025 ඔක්‍තෝබර් මස 15 වන බදාදා

2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:14



මෙරට දේශපාලන තත්වය මේ වන විට නවීකරණය වෙමින් හා නවීනත්වයට අනුගත වෙමින් පවතින බවත්  පැරණි පවුල් දේශපාලන රටාව වෙනස් වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, වර්තමානය වන විට දේශපාලන පවුල්වල එක් අයෙකුට වඩා දේශපාලනය නොදකින බවයි.

එමෙන්ම තම දේශපාලන භූමිකාව තම පියා මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන භූමිකාවට වඩා වෙනස් බව ඔහු එහිදී කියා සිටියා.

නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ, එම පුද්ගලයන් තමන්ව හඳුන්වන්නේ ‘පවුල්වල අය’ ලෙස නොව ‘පක්ෂ සාමාජිකයන්’ ලෙස වුවත්, තමන් ද පක්ෂ සාමාජිකයෙකු ලෙස පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණි බවයි.

පවුල්වාදය පිළිබඳව තමාට  වලංගු නැති බව පෙන්වාදුන් නාමල් රාජපක්ෂ මහතා‍රාජපක්ෂ පවුලෙන් දේශපාලනය නියෝජනය කරන්නේ තමන් පමණක් බව එහිදී අවධාරණය කළා.

වර්තමාන දේශපාලනය නවීකරණයට ලක්විය යුතු බවට පෙන්වාදෙමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ, නූතනත්වය ගැලපෙන දේශපාලන කියැවීමකට අනුගත විය යුතු බවත්, මේ සඳහා ලෝකයම අනුගත වෙමින් පවතින බවයි.

තම දේශපාලන භාවිතය සහ තම පියාගේ දේශපාලන භාවිතය වෙනස් බව නාමල් රාකපක්ෂ මහතා මෙහිදී පෙන්වාදෙනවා.

කෙසේවෙතත්  තම පියාගේ ජානවලින් ලැබෙන ගුණාංග තමන් සතු බවත්, එය වෙනස් කිරීමට කිසිවෙකුට හෝ තමන්ටද අවශ්‍යතාවක් නැති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා. 

“අද අපි දකින්නේ නෑ කිසිම දේශපාලන පවුලක එක්කෙනෙක්ට වඩා දේශපාලනයෙ ඉන්නවා. කලාතුරකින් තමයි දෙන්නෙක් ඉන්නේ. මේ ආණ්ඩුවෙනම් තාත්තයි පුතයි, නෝනයි මහත්තයයි පාර්ලිමේන්තුවේ ඉන්නවා. එතකොට එයාලා කියන්නේ පවුල්වල අය නෙවෙයි පක්ෂ සාමාජිකයෝ කියලා. අපිත් පක්ෂ සාමාජිකයො තමයි. අපිත් පාර්ලිමේන්තු ආවේ පක්ෂයෙන්.

අද ඊට වඩා වෙනස්. අපි නවීකරණය වෙච්ච දේශපාලනයක යනවා නම් නූතනත්වයත් එක්ක සහ අදට ගැලපෙන දේශපාලන කියැවීමකට අපි අනුගත වෙන්න ඕනේ. ඒකට ලෝකෙම අනුගත වෙමින් පවතිනවා.  පාකිස්ථානය ගත්තොත් බෙනාසීර් භූතෝගේ පුතා විතරයි. හිටපු අගමැතිගේ පුතා මැතිවරණයට ඉදිරිපත් වෙන්න එනවා. හැබැයි එයා විතරයි එන්නේ. හැබැයි දේශපාලනික වශයෙන් ඒකත් පවුලක්. නාමල් රාජපක්ෂගේ දේශපාලන භූමිකාව අද තාත්තාගේ දේශපාලන භූමිකාවට වෙනස්.

පවුල් වාදය කියන එක මට වලංගු නෑ දැන්. මගේ පවුලේ මම විතරයි ඉන්නේ. මේ ආණ්ඩුවට ඒක වලංගුයි.

පවුල් දේශපාලනය රටට ගැලපෙනවාද කියන කාරණය නෙවෙයි. ලෝකෙම එක කාලෙක ට්‍රෙන්ඩ් එකක්. ඒක පහුගිය අවුරුදු දහයේ පහළොවේ වෙනස් වුණා. මේ පරම්පරාවේ ඒ පැටර්න් එක වෙනස් වෙලා”  අපි දකිනවා ව්‍යාපාරක ක්ෂ්‍රේත්‍රය  ගත්තත් තාත්තගේ ව්‍යාපාරය පුතා අලුත් පරම්පරාවේ කරන්නේ නැහැ. කලාතුරකින් තමයි තාත්තා කරන ව්‍යාපාරයට පුතා සුවම සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් ඒ පැටර්න් එක වෙනස්. අපි ඒක තේරුම් ගත යුතුයි.

තාත්තගේ දේශපාලන භාවිතය සහ මගේ දේශපාලන භාවිතය වෙනස්. මොකද අපි දෙන්නා දෙන්නෙක්. හැබැයි තාත්ටගේ ජාන වලින් ලැබෙන ගුණාංග මගෙ ළඟ තියෙනවා. ඒක කාටත් වෙනස් කරන්නත් බැහැ. මට වෙනස් කරන්න වුවමනාවකුත් නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: