hit counter

2026 මාර්තු මස 28 වන සෙනසුරාදා

2026 මාර්තු 28, ප.ව. 5:55



ජනාධිපතිතුමාට තෙල් ගන්න පහසු වෙන්න තිබ්බා බ්‍රික්ස් සමුළුවට ආරාධනා කරපු වෙලාවේ ගියා නම්. ඒ වෙලාවේ මගහැරියනේ. අපරාදෙ එහෙමනම් රුසියාවේ නියෝජ්‍ය ඇමතිවරයා මෙහාට ඇවිල්ල තෙල් දෙන්න කලින් ගන්න තිබ්බා.ඉතින් ඒ එක් එක් කාල සීමාවන්වලදී කළ යුතු දේවල් කරන්න ඕන යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින 28.03.2026 නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා.

“අපේ පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිද්ධවෙනවා ඒ අනුව නොයෙක් දිස්ත්‍රික්කවල අපි ආසන සංවිධායකවරු වගේම කැඳවුම්කරුවන් වගේම දිස්ත්‍රික් සංවිධායකවරු විශේෂයෙන් දිස්ත්‍රික්ක පුරාම පක්ෂ මතවාදය වගේම ගම්වල ජනතාවට ඇහුම්කන් දීලා පක්ෂ ප්‍රතිපත්ති ව්‍යාප්ත කරන්න පුළුවන් දක්ෂ පිරිසක් අපි දිස්ත්‍රික් සංවිධායකවරු විදියට පත් කරනවා.ඉතිං අද දිනයේත් දිස්ත්‍රික්ක කිහිපයක දිස්ත්‍රික් සංවිධායකවරු පත්කරා.

මම හිතන්නේ අපේ පළවෙනි දේ තමයි පක්ෂයක් විදියට ශක්තිමත්ව ගම් මට්ටම තුළ ගොඩනැගෙන්න එක.ඒ වගේම තමයි අද ආණ්ඩුව අසීමිත බොරු කියලා ජනතාව රවට්ටල තියෙනව.ඒ රැවටිච්ච ජනතාවට යථාර්ථය පහදලා දීලා මම හිතන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති්ති මාලාව අපේ මූලික හර පද්ධතියත් එක්ක ඉදිරියට යන්න ඕන.ඒ අනුව අපි හැමදාම මොන අභියෝගය ආවත් අපි ගම්වල දේශපාලනය කරපු අය. ඉතින් මීට වඩා අභියෝග තියෙන කාලසීමාවල්වල අපි ගම්වල දේශපාලනය කළා.අද විශේෂයෙන්ම ජනතාව ඉතාම අසීරුතාවයකට පත්වෙලා තියෙනවා වර්තමාන බදු ප්‍රතිපත්තිය සහ ආණ්ඩුවෙන් වෙන පාඩුව ජනතාව පිට පටවනවා. දැන් අපි දැක්කා ගල් අඟුරු වලින් වෙච්ච පාඩුවත් ජනතාවට විඳ දරාගන්න සිද්ධ වුණා.ආණ්ඩුව තෙල් සම්බන්ධයෙන් අපි මතක් කර සිටියා දවස් 45 කට තෙල් තියෙනවා ඒ හින්දා විපක්ෂය කලබල වෙන්නන එපා කියලා.හැබැයි අද වෙනකොට ලෝක වෙළඳපොලේ තියෙන මුදලට වඩා වැඩි මුදලකට තෙල් මිලදීගන්න ආණ්ඩුවට සිද්ධ වෙලාා තියෙනවා.ඒ පාඩුවත් ජනතාව පිට තමයි පැටවෙන්නේ.කලිනං ජනාධිපතිවරයත් කිව්වා රුපියල් ට්‍රිලියනයක් ගිණුමේ තියෙනවා කියලා.හැබැයි ඉතින් දැන් ඒ ට්‍රිලියනය ගැන කතාරන්නෙත් නෑ. දිට්වා සුළි සුළඟ කුණාටුව වෙලාවේ නිවස අහිමි වෙච්ච අයට ලක්ෂ පනහයි ඉඩමකට පනහයි ගෙදරකට පනහයි දෙනවා කිව්වා ඒ දීපු චෙක් ටිකත් රිටන.එහෙම නැත්නම් ඒ දීපු චෙක් වලත් සල්ලි නෑ කියලා කියනවා. ඉතිං අසීමිත බදු බරක් වගේම ජීවන වියදමක් මේ රටේ ජනතාවට පටවලා තියෙනවා.ආණ්ඩුවට අපි කියන්නේ ඊළඟට රටේ කෘෂිකර්මාන්තය ඔබතුමලා හිතාමතා විනාශ කෙරුවා.මොකද ඔබතුමන්ලාට ඕන වෙලා තිබුනේ පිටින් ගෙනල්ලා කන්න දෙන්න මිසක් රටේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කරන්න මේ රටේ භූමියේ වගා කරන්න නෙවෙයි.අද එක පැත්තකින් පොහොර අර්බුදයක් ගමේ තියෙනවා අනිත් පැත්තෙන් ආහාර සුරක්ෂිතතාවය ආහාර වල මිල පිළිබඳව ලොකු කතිකාවක් ගමේ ගොඩනැගිලා තියෙනවා.ඉතින් ආණ්ඩුව අද මේකට මැදිහත් වෙන්න ඕන.දැන් ඉතින් ඇවිත් කියන්න එපා විපක්ෂයට පිස්සු ඕන තරම් කන්න කෑම තියෙනවා කියලා. ඉතින් ඒක හින්දා කරුණාකරලා මේවට ඇහුම්කන් දීලා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳවත් මිනිසුන්ට දරාගන්න පුළුවන් මුදලකට අත්‍යවශ්‍ය භාණ්ඩ ආහාර ලබා දෙන්න පුළුවන් තැනකට ආණ්ඩුව සූදානම් වෙන්න ඕන. වගේම තමයි පැහැදිලිවම පිටින් ගෙනල්ලා කන්න දෙන්න කියන න්‍යාය අද සාර්ථක වෙන්නේ නෑ.මොකද ලෝකයේ හැමතැනම ගෝලීය යුධ තත්ත්වයත් එක්ක වෙනස්කම් වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා.ඒ හින්දා අපේ ගොවියා ශක්තිමත් කරන්න වහාම ආණ්ඩුව කටයුතු කරන්න ඕන.

මම හිතන්නේ පිට්ටනියේ සෙල්ලම් කරනවද නැද්ද කියන කාරණය නෙවෙයි පළවෙනිම දේ තමයි රටේ ජනතාව කැප්ටන් කෙනෙක් එක්ක ටීම් එකක් තෝරලා තියෙනවානේ.ඒ ටීම් එකෙන් වැඩක් ගන්න ඕනෙ.ඒ ටීම් එකට දැන් බෑ ගිහිල්ලා හැංගිලා වෙන ටීම් එකට බැට් කරන්න කියන්න. දැන් ඒ ටීම් එකේ කියනවනම් කලින් ටීම් එක හයේ ව ගහපු නැති නිසා තමයි අමාරු වැටිලා තියෙන්නේ කියලා බොරු කිය කිය කාලේ නාස්ති කරන්න බෑ.දැන් මේ ටීම් එක වැඩ කරන්න ඕන හැංගිලා ඉන්න බෑ ඒ හින්දා පැහැදිලිවම පක්ෂයක් විදියට අපි මේ දේශපාලනේ අපි ගම් මට්ටමේ කරනවා මීට වඩා අමාරු කාලවලත් අපි දේශපාලනය කරා.

ආණ්ඩුව මම හිතන්නේ කලබල වෙන්න ඕන නෑ මොකද මේ විපක්ෂය අද මේ විපක්ෂයේ ඉන්න දේශපාලන පක්ෂ එදා ඔබ කඩාකප්පල්කාරීන් විදිහට විනාශකාරීන් විදිහට හැසිරුණත් මම හිතන්නේ අද ඉන්න විපක්ෂය එහෙම හැසිරෙන්නෙ නෑ.මොකද එහෙම හැසිරුනා නම් හැසිරුනේ ජේ වී පී එක.අද ඒ අය බලයට ඇවිල්ල තියෙනව.හැබැයි ඉතින් බලයට ඇවිල්ලා හැසිරෙන්නෙත් ඒ විදිහටම තමයි.මම දැක ගල් අගුරු සිද්ධියට ඇමතිවරයට අධි චෝදනා බාර දීලා තියෙනවා.විපක්ෂෙන් ඇවිල්ලා අයින් වෙන්න කියනකන් ඉන්න ඕනෙ නෑ ඉතින් මේ ආණ්ඩුව බලයට ආවේ හොරු නෑ කියලනේ.අද අධි චෝදනා භාරදීලා තියෙනවානම් ඔහුට වගකීමක් තියෙනවනේ තවත් ටෙන්ඩර් වල වාඩිවෙන්නෙ නැතුව ගල් අඟුරු ගේන ඒවා වාඩිවෙන්නේ නැතුව තීන්දුවක් ගන්න.

විපක්ෂය මර්ධනය කරනවා ආණ්ඩු පක්ෂයට ඕන විදිහට වැඩේ කරගෙන යනවා.මේක තමයි ආණ්ඩුවේ ක්‍රමවේදය.දැක්කනේ සබ්මැරීන් එකකින් ප්‍රහාරයක් එල්ල වුණා ඒකට ජනාධිපතිතුමා එක කතාවක් කියනවා තානාපතිවරයා තව කතාවක් කියනවා. හැබැයි ඉතින් අපේ බුද්ධි අංශ දුර්වල කරපු හින්දා ආණ්ඩුවටත් හරි කාරණය හොයාගන්න බැරුව ඇති සමහරවිට.බුද්ධි අංශයේ ප්‍රධානියා අද හිරගේ දාලා තියෙනකොට ත්‍රස්තවාදී පනතෙන් ත්‍රස්තවාදය අවසන් කරපු කෙනා පහුගිය යහපාලන ආණ්ඩුවත් ඔය වැරැද්දම කරගත්තා මේ ආණ්ඩුවත් ඔය වැරැද්දම කරනවා.ඉතින් එන හැම ආණ්ඩුවම පහුගිය කාල සීමාව තුළ අපේ ආණ්ඩුවත් හැරුණු කොට බුද්ධි අංශ හමුදාවන් දුර්වල කරනවනම් ඉතිං ඊට එහාට මේ රටේ ආරක්ෂාව පිළිබඳව කතා කරලා වැඩක් නැහැ.ඉතින් ඒ හින්දා ආණ්ඩුවට කරගන්න බැරි වෙනකොට ආණ්ඩුව ඕන කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් ඉතින් ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ.ඉතින් ඔය සජිත් ප්‍රේමදාස මහත්තයගෙන් ඇහුවානම් රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන් ඇහුවනම් උපදෙසක් දෙයි.

ඔයිට වඩා ජනාධිපතිතුමාට පහසු වෙන්න තිබ්බා බ්‍රික්ස් සමුළුවට වලට ආරාධනා කරපු වෙලාවේ ගියා නම් .ඒ වෙලාවේ මගහැරියනේ අපරාදෙ එහෙමනම් රුසියාවේ නියෝජ්‍ය ඇමතිවරයා මෙහාට ඇවිල්ල තෙල් දෙන්න කලින් ගන්න තිබ්බා.ඉතින් ඒ එක් එක් කාල සීමාවන්වලදී කළ යුතු දේවල් කරන්න ඕන.ඒවා පහුවෙලා කරාම ඒ වගේ පීඩනය ජනතාවට දරාගන්න සිද්ධ වෙනවා.හැබැයි පහුවෙලා හරි කරපු ගැන අපි සතුටු වෙනවා.

ආණ්ඩුව පහුගිය ආණ්ඩු ගත්ත ක්‍රියාමාර්ගය විදිහටමම අරගෙන යනවා.කියුආර් එකක දැම්මා පරිභෝජනය අඩු කරා මිල වැඩි කරා පහුගිය ආණ්ඩුව කරගෙන විදිහටම කරගෙන යනවා.ඒ වගේ මම දැක්කා ඇමතිවරු කියනවා වොෂින් මැෂින් එක දවල්ට දාන්න රෑට දාන්න එපා කිව්වා හැබැයි ඉතින් ඒ වගේම මම දැක්කා තවත් උපදෙස් මාලාවක්ම දීලා තියෙනවා .

අපි එන ඕනෑම මැතිවරණයකට සූදානම් වෙනවා.හැබැයි ඒ එක්කම අපි පැහැදිලිවම කියන්න ඕනෑ ආණ්ඩු විරෝධී නැත්නම් අර ජේවිපී එක එදා දේශපාලනය කරා වගේ දැන් විගණන වාර්තාවෙන්ම කියනවනේ ගියපු තෙල් බවුසර් ශෙඩ් වලට ගියේ නෑ කියලා. ඒ වගේ පහත් වැඩ නම් අපි කරන්නේ නැහැ.ඉතින් ඒ හින්ද අපේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ අපි අවංකව දේශපාලනය කරනවා.

මම මේ වෙනකොටත් පාර්ලිමේන්තුවේ කමිටුවක් ඉල්ලලා තියෙනවා යූඑස්ඒඩ් ආයතනය මුදල් වියදම් වෙච්ච ආකාරය පිළිබඳව.කථානායකවරයා තවමත් ඒ පිළිබඳව පිළිතුරක් නැහැ.ඒක මං ප්‍රසිද්ධ මාධ්‍යයෙක් කියනවා ජාත්‍යන්තර මාධ්‍යෙත් කියනවා ලංකාවේ පාර්ලිමේන්තුවෙත් කිව්වා.පැහැදිලිවම අපේ කාලයක් තුළ විශේෂ ජනාධිපති කොමිසමකුත් පත්කරලා මේ කාරණා පිළිබඳව හොයනවා.මේ ගැනනම් හොයන්න ඕන මොකද මේ ගැන හෙව්වේ නැත්නම් වෙන්නේ තවත් නායකයෙක්ට තවත් ආණ්ඩුවකට ඒ ආකාරයෙන්ම එවැනි අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.සමහර විට ඒ අර්බුදය මේ ආණ්ඩුවට වෙන්නත් පුළුවන්.

මම හිතන්නේ අපි මේ රටේ ගම් මට්ටම තුළ දේශපාලනය කරනවා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ මොන ආකාරයෙන්ද කියලා ඒ මැතිවරණයට අනුකූලව අපේ ඉදිරිපත් කරනවා.ඒක අපිට අද තීන්දු කරන්න බැහැ මොකද අද මැතිවරණයක් නැති නිසා.මැතිවරණයකට දින නියම වුණාම ඒ මැතිවරණයට ඉදිරිපත් වෙන ආකාරය පිළිබඳව අපි පක්ෂයක් විදියට සහ සහෝදර පක්ෂ රාශියක් ඉන්නවා ඒ සහෝදර පක්ෂ එක්ක සාකච්ඡා කරලා අපි තීන්දුවක් ගන්නවා.

පැහැදිලිවම මෙම ආණ්ඩුව කියපු බොරු අද රටේ ජනතාව තේරුම් අරගෙන තියෙනවා.ආණ්ඩුවත් තේරුම් අරගෙන තියෙනවා.ඒකනේ සමහරු දැන් කියන්නේ මම වගකීමෙන් ඒ බොරුව කිව්ව කියල.බොරුව කිව්වා ඒත් ඉතින් වගකීමෙන් තමයි කියලා තියෙන්නේ.ඉතින් අද රටේ ජනතාව පැහැදිලිවම තේරුම් අරගෙන යනවා ආණ්ඩුවේ නොහැකියාව සහ ඔවුන්ට මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දු ඉටුකර ගන්න බැරිවෙන කොට දැන් ඔවුන් මේ රටේ ස්වාධීන ආයතන සහ වගකිවයුතු ආයතන පාවිච්චි කරලා ඔවුන්ගේ දේශපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා.ඒ හින්දා අද රටේ පොලිස්පතිවරයා මාලිමාවේ පොලිස්පතිවරයා බවට පත්වෙලා තියෙනවා.ඒ නිසා අධිකරණයට අද දිවුරුම් ප්‍රකාශ මගින් දෙනවා වෙනත් දේශපාලඥයන්ගේ නම් බලෙන් ඇතුලත් කරන්න කට උත්තරයට බලෙන් දාන්න කියලා බලපෑම් කරා කියලා දිවුරුම් ප්‍රකාශ දෙන තැනට රටේ ස්වාධීන ආයතන පත්කරල තියෙනවා.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීවරයෙක් ආණ්ඩුවේ හෝ විපක්ෂයේ යම් ව්‍යාපෘතියකට මුදල් ගැනීම වරදක් විදිහට මම දකින්නේ නෑ.ඒක බිස්නස් එකක් නේ.අද ආණ්ඩුව එක්ක බිස්නස් කරන අය ආණ්ඩුව එක්ක බිස්නස් කරනවා.හැබැයි ඉතින් ඒ අය ඒවට බදු ගෙවනවද ඒවා ප්‍රකාශ කරලද කියන එක ප්‍රශ්නයක්.හැබැයි ඉතින් ඕනෑම සමාජමාද්‍ය ක්‍රියාකරුවෙක්ට ප්‍රධාන මාධ්‍ය ආයතනයකට ඕනෑම පක්‍ෂයකින් ඇඩ් එකක් ගන්නපුළුවන්.මම හිතන්නේ ඒ පැලවත්තට ගිහිපු අය ඒ ව්‍යාපාරයේ නියැලිලා ඉන්න අය.ඉතින් ඔවුන් ඔවුන්ගේ බිස්නස් එක කරනවා.හැබැයි ඉතින් කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් අහන්න ඕනිනේ.ඉතින් ඒ අය කියන දේවල් ගැන අපි සිහි බුද්ධියෙන් ඇහුවනම්හරි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: