2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 3:25
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සතිය අවසන් වී මේ සතිය අයිස් සතිය යනුවෙන් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා නගනවා.
අද පාර්ලිමේන්තුවේ පැවැති ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ගිවිසුමකට අදාළ විවාදයට සහභාගි වෙමින් ඔහු මෙම චෝදනාව ආණ්ඩුවට එල්ල කළා.
ඩුබායි මැරියට් හෝටලය රාජපක්ෂවරුන්ට අයිති බවට බොරු ප්‍රචාර ගෙන ගියද එය ඔප්පු කර ගැනීමට ආණ්ඩුවට හැකි වී නොමැති බවත් ඩුබායි මැරියට් හෝටලය රාජපක්ෂවරුන්ට අයිතිද කියා මෙම ගිවිසුම හරහා හෝ හෙළි කර ගැනීමට කටයුතු කරන ලෙසට ඔහු ආණ්ඩුවට යෝජනා කළා .
මේ වන විට තමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මඩ ගැසීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් අයිස් සම්බන්ධයෙන් අභූත චෝදනා එල්ල කරමින් ආණ්ඩුව තවත් මඩ ප්‍රහාරයක් එල්ල කරමින් මෙම සතිය අයිස් සතිය යනුවෙන් නම් කරමින් මාධ්‍ය සංදර්ශන සිදු කරන බවට ද නාමල් රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා කළා .
මෙම කන්ටේනර් දෙක වරායෙන් පිටත් කිරීමේදී කිසිදු පරීක්ෂාවට ලක් නොකර බවත් මෙම රසායනික ද්‍රව්‍ය එම කන්ටේනර් වලින් ගියාද කියා සාධාරණ සැකයක් මතුවන බවද හෙතෙම පැවසුවා.
ආණ්ඩුව ඒවා පිළිබඳව කිසිදු සඳහන් කිරීමක් නොකර මේ වන විට ඒක පාර්ශ්විකව කටයුතු කරන බවද නාමල් රාජපක්ෂ චෝදනා නැගුවා.
කිසිම අවස්ථාවකදී තමන් ඇතුළු තම පක්ෂය මෙවැනි දේවල් අනුමත නොකරන බවත් මේ අවස්ථාවේදී ආණ්ඩුවට සිදු කිරීමට කිසි දෙයක් නොමැතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මඩ ගසමින් සිටින බවටද නාමල් රාජපක්ෂ චෝදනා කරනවා.
මෙම රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙක පිළිබඳව ජාත්‍යන්තර බුද්ධි අංශ පවා දැනුම් දී තිබියදී අදාළ අංශ ඒ ගැන නිසි පරීක්ෂාවක් සිදු නොකර සිටියේ ඇයිද කියාත් නාමල් රාජපක්ෂ චෝදනා කරනවා.
මෙම කන්ටේනර් වරායෙන් පිටත් කිරීමට නියෝග කළේ කවුද? කියා දැන්වත් සොයා බලන ලෙසටද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළා.
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 4:45
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 4:15
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 1:01
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 12:07
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25