hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 16, ප.ව. 8:18



ශ්‍රී ලංකාව බංකොලොත් බවට කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

අධිපතිවරයා පවසන්නේ, එම අවස්ථාවේ සිදු කළේ තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම පමණක් බවයි.

කෙසේවෙතත්, රට ආර්ථික අර්බුදයට ලක්වූ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට නොහැකි වූයේ නම්, අර්බුදය තවදුරටත් තීව්‍ර වන බවයි, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ.

මේ අතර,මහබැංකු අධිපතිවරයා අදහස් පළ කරමින් වැඩිදුරටත් පවසා සිටියේ, ඉදිරි මැතිවරණයේ දී ජය ලබාගන්නා ඕනෑම ආණ්ඩුවක් මෙම වැඩපිළිවළ ඉදිරියට රැගෙන යාමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවයි.