hit counter

2026 ජනවාරි මස 20 වන අඟහරුවාදා

2026 ජනවාරි 20, ප.ව. 6:50



රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ මරණය සැකසහිත බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසති. 

ඥාතීන් මතු කරන මෙම සැකය හේතුවෙන් දේහය සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ අවසන් කටයුතුවල ද වෙනසක් සිදු කර තිබේ.

පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, පෙර සැලසුම් කර තිබූ පරිදි දේහය ආදාහනය කිරීම වෙනුවට භූමදානය කිරීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බවයි.

මරණය සම්බන්ධයෙන් පවතින සැකය මත ඉදිරියේදී අවශ්‍ය වුවහොත් දේහය නැවත ගොඩගෙන පරීක්ෂණ පැවැත්වීමට ඇති හැකියාව සැළකිල්ලට ගනිමින් ඥාතීන් මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වේ. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: