2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 1:48
නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
නේපාලයේ සිදුවු සියලුම ආකාරයේ තරුණයින් ඇතුළු මිනිස් ඝාතන තමා හෙළා දකින බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.
VIII වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ විශේෂ නිවේදනය
නේපාලයේ කත්මන්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මගේ අවධානය යොමුව තිබේ. ඒ ගැන මාධ්‍ය ගණනාවක්ම විමසීම් කරනු ලැබිණ.
නේපාලයේ සිදුවූ සියලුම ආකාරයේ තරුණයන් ඇතුළු මිනිස් ඝාතන පළමුවෙන්ම හෙළා දකිමි.
එලෙසම හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ගිනිතබා හිටපු අගමැති බිරිඳ ඝාතනය කිරීම අතිශය ශෝකජනක තත්ත්වයකි. ඒ ඝාතනය ගැන කණගාටුව ප්‍රකාශ කරමි. එසේම ඇමතිවරුන්ට සහ විශේෂයෙන්ම විදේශ ඇමතිනියට පහරදීමද ඇති වූ ඛේදවාචකයේ තවත් දිගුවකි. එමගින් කාන්තා අයිතිවාසිකම් ප්‍රබල ලෙස උල්ලංඝනය විය. මෙවැනි ක්‍රියා මගින් පහර වදින්නේ නේපාලයේ කීර්ති නාමයටය. එය නේපාලයට අවනම්බුවකි.
කත්මණ්ඩු නුවර තත්ත්වය මෙතරම් දුරදිග යා යුතුව තිබුණේ නැත. පොලීසිය විසින් කරනු ලැබූ වෙඩි තැබීම්ද අනුමත කළ නොහැකිය. ප්‍රථම දිනයේදීම වෙඩි නොතබා ඇති වූ තත්ත්වය පාලනය කිරීමට හැකියාව පැවැති බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙවැනි සිද්ධි හමුවේ ඇති විය හැකි භයානක තත්ත්වයක්ද වේ. ගූගල්, ෆේස්බුක්, යූටියුබ් වැනි ඇමරිකානු සමාජ මාධ්‍ය සමාගම්වලට ලෝකයේ සෙසු රටවල ආණ්ඩු නැති කිරීම සඳහා ඉඩ ප්‍රස්තාව විවර වීම කිසි ලෙසකින්වත් අවතක්සේරු කළ නොහැකිය.
නේපාලයේ කාලයක් පුරා ප්‍රශ්න ගණනාවක්ම පැවතිණි. ඒවාට රජයේ අවධානය යොමු වූයේ නැත. සෑම අයෙකුම කළේ දකුණු ආසියානු සම්ප්‍රදාය අනුව එදිනෙදා දේශපාලනය කිරීම මිස උග්‍ර ප්‍රශ්නවලට විසඳුම් සෙවීම නොවේ. මේ නිසා තරුණ පරපුර අතර විශාල කලකිරීමක් හට ගෙන තිබිණ. ඒ අතරවාරයේදී සමාජ මාධ්‍ය ආරක්ෂණය නොකර ඒවා සම්පූර්ණයෙන්ම තහනම් කිරීම හේතුවෙන් අර්බුධය පුපුරා ගියේය.
පාර්ලිමේන්තුව සහ අධිකරණ ගොඩනැගිලි රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලෙස සැලකෙන්නේ එ්වා තුළ සිටින පුද්ගලයන් පදනම් කරගෙන නොවේ. පාර්ලිමේන්තුවටත්, අධිකරණයටත් ගිනි තැබීම නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදයට කළ විශාල අගෞරවයකි.
කෙසේ වුවත් අවසානයට ඉතිරි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැති නේපාලයකි. රට තුළ සාමය ඇතිකර ව්‍යවස්ථානුකූලව ඡන්ද පැවැත්වීම පාලනය බලය ගත් හමුදාවේ වගකීම වන්නේය.
බුදුරජාණන්වහන්සේ උපත ලැබූ නේපාලය ශ්‍රී ලංකාවට සුවිශේෂ රටකි. එවැනි රටක මේ ආකාරයේ මිලේච්ඡ ක්‍රියා සිදුවීම කිසිසේත් අනුමත කළ නොහැකිය. රාජ්‍ය පාලනයට දැක්වූ අදක්ෂතාවය ද මේ තත්ත්වය ඇති වීමට හේතු වූයේ යයි සිතීමට පුළුවන.
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමගිව රැස්වී, සමගිව සාකච්ඡා කර, සමගිව විසිරී යන ලෙසය. බුදුන් දේශනා කළ “සප්ත අපරිහානී ධර්මය” නේපාලයේ වත්මන් පාලනය ආදර්ශයට ගනු ඇතැයි අපෙක්ෂා කරමි.
රනිල් වික්‍රමසිංහ
VIII වැනි විධායක ජනාධිපති
2025.09.10
2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 3:06
2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 1:33
2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 1:13
2025 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:44
2025 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 10:33
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
06-09-25
06-09-25