hit counter

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2025 ඔක්‍තෝබර් 31, ප.ව. 8:32



මහින්ද රාජපක්ෂට ආචාර කරන පින්තූරයේ සිටින්නේ තමන් නොවන බවත් එම මංගල අවස්ථාව සඳහා තමන්ට ආරාධනාවක් නොතිබුණු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනි නිලන්ති කොට්ටහච්චි පවසයි.

එසේම තමා දෙමාපියන්ගෙන් සහ සුදුසුකම් අනුව ගොඩනගාගත් කශේරුවකාවක් ඇති බවත් එය තමන් කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව ඉදිරියේ ඕනෑම වෙලාවක නැමීමට සූදානම් බව ද ඇය අවධාරණය කරයි.

එහෙත් මේ රට ආගාධයට ඇද දැමූ නායකයන් ඉදිරියේ සිය පිටකොන්ද කිසිදා නොනමන බව ද නිලන්ති කොට්ටහච්චි සඳහන් කරයි.

මේ මඩ අශූචි හැලි කරේ තබා ගෙන දුවන්නේ රට බේරා ගන්නට 21 වෙනිදා නුගේගොඩට එන්නැයි කියන අය බව ද මන්ත්‍රීවරිය පෙන්වා දෙයි.

උත්සව අවස්ථාවකට පසු මාධ්‍ය වේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: