hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 මැයි 21, පෙ.ව. 12:02



පසුගිය මැතිවරණවල දී උතුරින් ලැබුණු විශාල ඡන්ද පදනම නිසා ජනාධිපති අනුර දිසානායක රණවිරු සැමරුමට සහභාගී නොවීමේ තීන්දුවක සිටි බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

“මුලින් ආරංචියක් තිබුණා ජනාධිපති රණවිරු සැමරුමට සහභාගී වන්නේ නෑ, නි. ආරක්ෂක ඇමති යනවා කියලා.

පස්සේ සමාජ මාධ්‍යවල ඒකට දැඩි විරෝධයක් මතු වුණා. සමහරු ඒක හෙළා දැක්කා. ඊට පස්සේ ප්‍රකාශ වුණා ඔහු සහභාගී වෙනවා කියලා. අපට පේනවා ඔහු ඒ තරම් පහසුවෙන් නෙමෙයි ඒ කටයුත්ත කරන්නේ කියලා.

පහුගිය ඡන්දවල දී මාලිමාවට සහ ජනාධිපතිවරයාට උතුරේ විශාල අනුමැතියක් ලැබුණා. මගේ අදහස ඒ පසුබිම ඇතුළේ තමයි, යුද සැමරුමට ඔහු සහභාගී නොවන තීන්දුවක හිටියේ.”

වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කොට තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: