2023 මැයි 30, ප.ව. 5:45
නුවරඑලිය දිස්ත්‍රික්කයේ අලුතින් ස්ථාපනය කරන ලද ප්‍රාදේශිය ලේකම් කාර්යාල දෙකක් ජනතා අයිතියට පත් කිරිම ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා විසින් ඊයේ (29) සිදු කෙරුණා.
තලවකැලේ සහ නොර්වුඩ් ප්‍රදේශයේ අලුතින් ස්ථාපනය කරන ලද ප්‍රාදේශිය ලේකම් කාර්යාල දෙක මෙසේ ජනතා අයිතියට පත් කෙරුණා.
ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයට අයත්ව තිබු හැටන්, බගවන්තලාව, මස්කෙලිය, නොර්වුඩ්, සාමිමලේ සහ නල්ලතන්නිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ට මින් ඉදිරියට නොර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේ අලුතින් ස්ථාපනය කල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් තම සේවාවන් ඉටු කරගත හැකි අතර තලවකැලේ, කොටගල, ආගරපතන, ඩයගම සහ ලිදුල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ට තලවකැලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් තම සේවාවන් ලබාගත හැකියි.
අලුතින් ස්ථාපනය කල ප්‍රාදේශිය ලේකම් කාර්යාල ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා සහ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලඩබ මහතාද සහභාගි වුණා.
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:04
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:03
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:02