hit counter

2024 මැයි මස 08 වන බදාදා

2022 ජූනි 27, ප.ව. 9:34



අද(27) මධ්‍යම රාත්‍රියේ සිට ලබන මස (10) වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන පිරවුම්හල් වලින් පෞද්ගලික අංශයේ වාහන සඳහා ඩීසල් සහ පෙට්‍රල් නිකුත් නොකිරීමට රජය තීරණය තිබෙනවා.

අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ පවතින තත්ත්වය හමුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට ජුලී මස 10 වෙනිදා දක්වා සිපෙට්කෝ සතු ඉන්ධන නිකුත් කිරීම අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් නිකුත් කිරීමටයි.

මේ හේතුවෙන් සෙසු කාර්යාල සහ කටයුතු නිවසේ සිට කිරීමට රජයෙන් උපදෙස් දෙන බවයි කැබිනට් ප්‍රකාශක, අමාතය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ.

වරාය, සෞඛ්‍ය සේවා, අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීම් සහ කෙටි දුර ප්‍රවාහන සේවා, අපනයන සහ සංචාරක කර්මාන්තය සඳහා පවතින සීමිත ඉන්ධන තොග නිකුත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

පවතින තත්ත්වය හමුවේ අන්තර් පළාත් අතර සංචාර කටයුතු අත්හිටුවීමට සිදුවන බවද බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියා.

මේ අතර ජුලී මස 10 වෙනිදායෙන් පසුව අඛන්ඩ ඉන්ධන සහ ගෑස් සැපයීමට අවශ්‍ය කටයුතු නිසි ක්‍රමවේදයක් අනුව සිදුකිරීමට පියවර ගන්නා බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

මෙය රට වැසීමක් නොවන බවත් හැකිතාක් නිවසේ සිට කටයුතු කරන ලෙසයි මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: