hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:07



පොල්තෙල් බව පවසමින් පිටරටින් ආනයනය කරන ලද ශරිරයට අහිතකර වෙනත් තෙල් වර්ගයක් වෙළෙඳපොළේ විකිණීමට ඇති බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා මහතා සඳහන් කර සිටියේ කෘතීමව රසානයනිකව පිරිපහදු කරන ලද පොල්තෙල් වර්ගයක් පොල්තෙල් බව පවසමින් ආනයනය කර ඇති බවයි.

ආනයනකරුවන් දේශීය ස්වභාවික පොල්තෙල් සන්නාමය යටතේ මෙම කෘතීම රසායනික පොල්තෙල් සමාජගත කරන බවද ඒ මහතා සඳහන් කර සිටියා.

මෙම රසනයනික පොල්තෙල් පිළිබඳව අවධානය යොමු කරමින් ඒ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි වැඩිදුර අදහස් දක්වමින් සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා මහතා සඳහන් කර සිටියේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ආනයනික පොල්තෙල් සම්බන්ධයෙන් පාරිභෝගීකයින් අනවශ්‍ය බියක් ඇතිකර ගතයුතු නොමැති බවයි.

මේ වන විට ආනයනික පොල්තෙල් සම්බන්ධයෙන් සමාජය තුළ ඇතිවී තිබෙන සැකය පිළිබඳව අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මේ බව කියා සිටියේ ය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

“ලංකාවට පොල් තෙල් ආනයන කිරීමේ දී රේගුවේ දී ආහාර පාලන ඒකකයේ ආහාර පරික්ෂකවරුන් විසින් විශේෂ පරික්ෂාවක් කරනවා.

රට තුළට ආනයන කරන RBD ඔයිල් සාමන්‍ය පොල්තෙල් විදිහට අලෙවි කිරීමේ හැකියාව තියෙනවා.

පොල්තෙල්වලට අදාළව 1980 අංක 26 දරණ ආහාර පනතට අදාළව සකස්කරලා තියෙන 1987 ප්‍රමිති නියෝගවලට අදාළ ප්‍රමිතියෙන් යුත්තනම් රට තුළ විකිණීමට කිසිදු නෛතිකමය බාධාවක් නැහැ.

ඒ වගේම ලංකාව තුළට පොල්තෙල් රැගෙන ඒමේදී ආහාර පාලය ඒකකයේ ආහාර පරික්ෂකවරුන් වගේම මේ පොල්තෙල්වල ප්‍රමිතිය සම්බන්ධව අහඹු පරික්ෂණයක් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකරනවා.

ඒ වගේම රට තුළ වෙළෙඳසැල්වල පොල්තෙල් අලෙවි කිරීමේදී මේ පොල්තෙල් අහඹු සාම්පල ලබා ගැනීම සහ පරික්ෂා කිරීම් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් සිදුකරනවා.

ඇතැම් විට රට තුළ තිබෙන පොල්තෙල් දේශීය නිෂ්පාදන සහ විදේශීය නිෂ්පාදන දෙකේම අපි ඇතැම් අවස්ථාවල ඇෆ්ලටොක්සීන් හමුවෙන අවස්ථා තියෙනවා.

ඒ අවස්ථාවලදී අපි නෛතික ක්‍රියාමාර්ග ගන්නවා. ඒ පොල්තෙල් වෙළෙඳපොළෙන් ඉවත් කරන්න කටයුතු කරනවා.

කෙසේ වෙතත් ලංකාවේ පොල්තෙල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන නිසා රට තුළට පොල්තෙල් ආනයනය කරන්නේ. ඒ නිසා අනියත බියක් ඇති කර ගතයුතු නෑ.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: