hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2024 මාර්තු 26, පෙ.ව. 12:10



2024 පෙබරවාරි මාසය වනවිට මෙරටින් පොල්වතුර අපනයනය කිරීම මගින් රුපියල් මිලියන 3439ක ආදායමක් ඉපයීමට හැකි වී තිබෙනවා.

පොල් සංවර්ධන අධිකාරියේ දත්ත අනුව 2023 පෙබරවාරි මාසය තුළ පොල්වතුර අපනයනය කිරීම මගින් උපයා ඇති මුදල රුපියල් මිලියන 2705ක්.

අද දින (25) පෙරවරුවේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය වුණා.

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්නේ  පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පෙරවාරි මාස වනවිට රුපියල් මිලියන 734ක අපනයන අආදායමේ ඉහළයාමක් පෙන්නුම් කර ඇති බවයි.  

එමෙන්ම, වනසත්ව හානිය නිසා වාර්ෂිකව අහිමිවන පොල්ගෙඩි මිලියන 300ක පමණ ප්‍රමාණය ද රැක ගැනීමට හැකිවන්නේ නම් මීට වැඩි ආදායමක් උපයා ගැනීමට හැකි වන අතර එමගින් පොල්වගාකරුවන්ගේ ආදායම තවදුරටත් ඉහළ නැංවීමට හැකිවන බව  අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී අවධාරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: