2025 ජූලි 23, පෙ.ව. 9:49
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සාම්පල් පරීක්ෂාව සඳහා පොල් සංවර්ධන අධිකාරිය වෙත ලබාදී තිබූ පොල් තෙල් සාම්පල් අතරින් 21% ප්‍රමාණයක් කලවම් පොල්තෙල් බවට පරීක්ෂණවලදී තහවුරු වූ බවට පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා ඊයේ (22) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවකදී අදහස් දක්වමින් මේ බව පවසා සිටියේය.
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් වෙළෙඳපොළ වැටලීම්වලදී ලබාගත් පොල්තෙල් සාම්පල් 75ක් මෙලෙස පොල් සංවර්ධන අධිකාරිය වෙත ලබාදී ඇති අතර පොල් සංවර්ධන අධිකාරිය එම සාම්පල් පරීක්ෂාවට ලක්කිරීමේදී ඉන් සාම්පල් 15ක් කලවම් පොල්තෙල් බවට තහවුරු කරගෙන තිබේ.
එමෙන්ම පොල්තෙල්වල පැවතිය යුතු ඇෆලටොක්සීන් අගය දහයට පහළ අගයක් ගතයුතු වුවත් මෙම සාම්පල්වල ඇෆලටොක්සීන් අගය පැවතිය යුතු සීමාව ඉක්මවා තිබූ බවත් සභාපතිවරයා කියාසිටියේය.
මීට අමතරව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් තවත් පොල්තෙල් සාම්පල හැත්තෑ පහක් පරීක්ෂණ කටයුතු සඳහා අධිකාරිය වෙත ලබාදී ඇති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
2025 ජූලි 23, ප.ව. 1:30
2025 ජූලි 23, පෙ.ව. 11:53
2025 ජූලි 23, පෙ.ව. 10:56
2025 ජූලි 23, පෙ.ව. 10:43
2025 ජූලි 23, පෙ.ව. 9:59
08-06-25
08-06-25
06-03-25
06-03-25
06-01-25
06-01-25
13-10-24
13-10-24
11-10-24
11-10-24
09-10-24
09-10-24
06-10-24
06-10-24
19-06-24
19-06-24
26-03-24
26-03-24
01-12-23
01-12-23
13-09-23
13-09-23
08-09-23
08-09-23