hit counter

2026 ජනවාරි මස 30 වන සිකුරාදා

2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:09



ෂැෂේ ඇසුරුම්වල යොදා පොල් තෙල් අලෙවි කිරීම පිළිබඳව පොල් සංවර්ධන අධිකාරිය අවධානය යොමුකර ඇති බව එහි සැකසුම් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ නන්දන කනුගල මහතා ප්‍රකාශ කරයි.

ඒ ගෘහස්ථ පොල් නාස්තිය අවම කිරීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති වැඩසටහනකදීයි.

ඒ අනුව පොල් සංවර්ධන අධිකාරියේ අනුමැතිය සහිත ෂැෂේ ඇසුරුම් අලෙවි කිරීම සම්බන්ධව අධිකාරිය අවධානය යොමුකර ඇත්තේ බැරල්වල පුරවන ලද පොල් තෙල්වල ප්‍රමිතිය සම්බන්ධව ගැටලු තත්ත්වයන් පවතින හෙයින් ජනතාවට ප්‍රමිතියෙන් යුතු පොල් තෙල් පාරිභෝජනයට අවස්ථාව සැලසීමේ අරමුණෙන් බව සඳහන්.

එබැවින් මෙහිදී මිලි ලීටර් 150,මිලි ලීටර් 200 ආදී වශයෙන් විවිධ ප්‍රමාණවලින් ප්‍රමිතියෙන් යුතු පොල් තෙල් මිලදී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව ලැබෙන බවද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරයි.

එසේම ජනතාවට දරාගත හැකි මිලකට මිලදී ගත හැකි පරිදි මෙම ඇසුරුම් අලෙවි කිරීම පිළිබඳව අධිකාරිය අවධානය යොමුකර ඇති බවද ඔහු සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: