hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 නොවැම්‍බර් 28, පෙ.ව. 8:07



ඉන්ධන පිරවුම්හල් මඟින් නියමිත සීමාවෙන් ඔබ්බට ඉන්ධන නිකුත් කිරීම වැළැක්වීමට හඳුන්වා දුන් QR කේත වැඩසටහන යටතේ වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම විධිමත් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) යන සමාගම් දෙකටම අයත් පිරවුම්හල් නියාමනය කිරීමෙන් මෙම විධිමත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට නියමිතයි.

QR කේතයෙන් බැහැරව වාහන සඳහා ඉන්ධන නිකුත් කර ඇති පිරවුම්හල් පිළිබඳ තොරතුරු අමාත්‍යාංශය වෙත ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ලිඛිතව අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා සියලු දිස්ත්‍රික්කවල ගොවීන්ගේ සහ ධීවරයන්ගේ ජීවනෝපාය කරගෙන යාමට අවශ්‍ය ඉන්ධන අවශ්‍යතා සපුරාලීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට හැකි වී තිබෙනවා.