hit counter

2025 ජූනි මස 03 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 01, පෙ.ව. 2:08



ජංගම දුරකතන භාවිතයෙන් සිදුකරන මාර්ගගත ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක ක්‍රමයක් නොවන බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

පාසල් දරුවන්ට ජංගම දුරකතන තහනම් කළ යුතු බවට එක්සත් සංවිධානයට අනුබද්ධ යුනෙස්කෝ සංවිධානයෙහි විශේෂ වාර්තාවක් මගින් පෙන්වා දී ඇතැයි ඔහු පැවසුවා.

“මේකට පාසල් තුළ පාසල් දරුවන් දුරකතන භාවිත කිරීම ඔවුන්ට හොඳකට වඩා නරකක් වෙන්න පුළුවන් කියන අදහස ඉදිරිපත් වීම නිසයි. පසුගිය දවස්වල කොවිඩ්-19 වසංගතය එක්ක අපි දැක්කා පාසල් තුළ දුරකතන භාවිතය, ඒ වගේ ම පාසලෙන් ගිහිල්ලා ගෙදරදී දුරකතන භාවිතය පාසල් දරුවන් තුළ වැඩිවුණා. මේවත් එක්ක ම මේ පාසල් දරුවන් ඉගෙන ගැනීමට අවස්ථාව වැඩි වුණා වගේ ම අහිතකර දේවලුත් බොහෝ සේ සිද්ධවෙනවා. එක දෙයක් තමයි දරුවන්ට ගුරුවරයාගෙන් කෙලින් ම ඉගෙන ගන්නවා වෙනුවට මේ දුරකතනයක් හරහා එහෙම නැත්නම් අන්තර්ජාලය තුළින් ඉගෙන ගන්න යාම ඒ කෙලින් ම ගුරුවරයාගෙන් ඉගෙනගන්නවා වගේ හොඳ ඉගෙනීමක් නොවන බව යුනෙස්කෝ සංවිධානය පෙන්නලා දීලා තියෙනවා.”

විද්‍යුත් උපකරණය භාවිත කිරීම හේතුවෙන් පාසල් දරුවන් ප්‍රායෝගික අධ්‍යාපනයෙන් බැහැර වීමේ අවදානමක පවතින බව ඔහු පැවසුවා.

ඒ අනුව, වෛද්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,

“පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙකුට ප්‍රශ්න අහලා හොඳින් කරුණු වටහා දීලා ගුරුවරයෙකු උගන්වනවා වගේ දුරකතන තුළින් ඉගෙනීම සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේ ම, දරුවන්ටත් තමන් නොදන්නා දේවල් පිළිබඳව හොඳින් ප්‍රශ්න අහලා ඒ ගුරුවරු සමග සම්බන්ධ වෙලා ප්‍රායෝගිකව දේවල් කරලා, ඉගෙනගැනීම කවදාවත් මේ දුරකතනය තුළින් එහෙමත් නැත්නම් මේ විද්‍යුත් උපකරණයක් තුළින් ඉගෙන ගැනීම තුළින් ඒ දේවල් කරන්න බැරි බව යුනෙස්කෝ සංවිධානය පෙන්නලා දීලා තියෙනවා.”