2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:09
පද්මේ ඇතුළු පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 28ක් ඉන්දුනීසියානු පොලිසිය විසින් ශ්‍රී ලංකා පොලිසියට භාර දී ඇති බව ද වාර්තා වේ.
ඒ අනුව එම දුරකථන භාවිතයෙන් ගන්නා ලද ඇමතුම් පිළිබඳ මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම ඔවුන් සමඟ මූලික වශයෙන් සම්බන්ධතා පැවැත්වූ මෙරට සිටිනා බොහෝ පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවද සඳහන්.
එමෙන්ම මෙම සැකකරුවන් මෙරට දේශපලනඥයින් සමඟ ගණුදෙනු සිදුකර ඇත්දැයි යන්න විමර්ශනය සිදුකරනු ලබන බවද පොලිසිය කියනවා.
එහිදී මෙම අපරාධ කරුවන්ගේ මෙරට දේපල සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරනු ලබන බව පොලිසය සඳහන් කරනවා.
ඒ අතර කොළඹ මහාධිකරණයේදී පාතාල නායකයෙකු වූ ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමට උදව් කළ බවට චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය, අපරාධය සිදුවී ටික දිනකට පසු ඩුබායි වෙත පැනගිය බවට තොරතුරු හෙළි වී තිබේ.
මෙම තොරතුරු හෙළි වී තිබෙන්නේ ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින පාතාල නායක කෙහෙල්බද්දර පද්මේ ලබාදුන් තොරතුරු අනුව බවයි වාර්තා වෙයි.
2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:06
2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:05
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
01-09-25
01-09-25
01-09-25
01-09-25