hit counter

2025 සැප්‍තැම්‍බර් මස 04 වන බ්‍රහස්පතින්දා

2025 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 10:25



මේ වනවිට අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්නකරමින් සිටිනා කෙහෙල්බද්දර පද්මේ නැමති සංවිධානාත්මක අපරාධකරුගෙන් අනාවරණය වී ඇති කරුණු අනුව ඔහු මෙරටදී ‘අයිස්” මත්ද්‍රව්‍ය සෑදීම සඳහා නිෂ්පාදනාගාරයක මූලික කටයුතු ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය මූලික රසායනික ද්‍රව්‍ය 2ක් කිලෝග්‍රෑම් 2000ක් පමණ ප්‍රමාණයකින් ඔහු මෙරටට ගෙන්වා ඇති බවද අනාවරණය වී ඇත.

එම නීති විරෝධී රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇත්තේ ටයිල් කර්මාන්තයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අතර සඟවා බවද පැවසෙයි.

ඒ සඳහා නුවරඑළිය ප්‍රදේශයේ ස්ථානයක් තෝරාගෙන එහි මූලික කටයුතු වෙනුවෙන් ලක්ෂ 40ක පමණ මුදලක් වැය කොට ඇති බවද විමර්ශණ මගින් හෙළිවී තිබේ.

එමෙන්ම කෙහෙල්බද්දර පද්මේ විසින් හරක් කටාගේ බිරිඳ සමඟ සමීප සබඳතාවක් පවත්වා ඇති අතර හරක් කටා ඝාතනය කර ඔහු සතු රුපියල් කෝටි 900ක පමණ දේපොල අත් පත් කර ගැනීමේ අරමුණින් මෙම ඝාතන සැලැස්ම සිදුකර ඇති බවද වාර්තා වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: