2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:13
පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න සඳහන් කරයි.
මේ අනුව පාර්ලිමේන්තුව එළඹෙන සැප්තැම්බර් මස (09) සිට (12) දක්වා රැස්වීමට නියමිත බව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න සඳහන් කරයි.
සැප්තැම්බර් (09) වැනි අඟහරුවාදා පෙ.ව 9.30 පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.
පෙ.ව 10.00 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආයෝජන ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය සුරක්ෂණය පිළිබඳ ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය සම්මත කිරීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 ව්‍යවස්ථාව ප්‍රකාරව එම යෝජනාව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මතකළ යුතුව ඇති අතර ඊට අදාළ ඡන්ද විමසීම එදින ප.ව 5.00 ට පැවැත්වීමට නියමිතව ඇති අතර අනතුරුව ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේදී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.
සැප්තැම්බර් (10) වැනි බදාදා පෙ.ව 9.30 පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.
පෙ.ව 10.00 -10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා ද පෙ.ව 10.30 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ද වෙන් කර ඇත.
පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙන අතර අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 3.30 දක්වා සමථකරණ (සිවිල් සහ වාණිජ ආරාවුල්) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය වී ඇත.
ඉන්පසු ප.ව 3.30 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීටත් මෙහිදී එකඟත්වය පළ වී ඇත.
2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:19
2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:14
2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:11
2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:05
25-08-25
25-08-25
24-08-25
24-08-25
18-08-25
18-08-25
17-08-25
17-08-25
15-08-25
15-08-25
14-08-25
14-08-25
12-08-25
12-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25
02-08-25
02-08-25