2023 මැයි 10, පෙ.ව. 10:33
            
පාර්ලිමේන්තුවේ කටයුතු කල්තැබීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළා.
ඒ අනුව පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබා තිබෙනවා.
ඒ “එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය” පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අතරතුර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මතු කළ රීති ප්‍රශ්නයක් හේතුවෙන්.
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසූයේ එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුත්තක් විභාගයට ගැනෙන බැවින් විවාදය නීති විරෝධී බවයි.
ඒ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීරණයක් ගැනීමට සභාව විනාඩි 10 කට කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළා.
                                                        2025 නොවැම්‍බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07