hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2025 නොවැම්‍බර් 27, ප.ව. 5:43



පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට සහ අනිද්දා යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදය නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

අද (27) දහවල් පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වනවා.

ඒ අනුව ලබන සඳුදා දිනයේදී යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ පාර්ලිමේන්තුව රාත්‍රිය දක්වාම පැවැත්වීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව සඳුදා සහ අඟහරුවාදා දිනයන්වල උදෑසන 9 සිට පස්වරු 6 දක්වා එදිනට නියමිත විවාදය පැවැත්වෙන අතර සවස 6 සිට රාත්‍රිය දක්වා හෙට සහ අනිද්දා යන දෙදින තුළ පැවැත්වීමට සැලසුම් කර තිබූ විවාදය සිදුකෙරෙනු ලබනවා.