hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2022 ජූලි 27, පෙ.ව. 10:32



දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිවරයා ලෙස පත් වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු සභානායක ධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කර තිබෙනවා.

මේ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පත් කර තිබෙනවා.

නව වැනි පාර්ලිමේන්තුව සඳහා 2020 ජූලි 22 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම් සිදු කර ඇති බව කතානායකවරයා විසින් නිවේදනය කළා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා අද පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයේ දිවුරුම්දීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පුරප්පාඩු වූවා.