hit counter

2025 ඔක්‍තෝබර් මස 14 වන අඟහරුවාදා

2023 මැයි 18, ප.ව. 5:23



ජූනි මාසයේ සිට ගමන් බලපත්‍ර නිකුත් කරන ක්‍රමවේදයේ වෙනසක් සිදුකරන බව ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය මහතා පවසනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ගතව ඇති තදබදය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

ආගමන විගමන පාලක ජනරාල්වරයා සඳහන් කළේ, අද (18) දින සිට ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන සියලු දෙනා කඩිනමින් පරිශ්‍රය ඇතුළට ගන්නා බවයි.

“තැරැව්කරුවන් යම් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. ඒ ක්‍රියාවලිය දිගින් දිගට ම සිදුවෙනවා. ඒ වගේ ම අද දින සිට මෙතෙනට එන කිසිදු තැනැත්තෙක් අපි එළියේ තියන්නේ නෑ. ඒ සියලු දෙනා පරිශ්‍රය ඇතුළට කඩිනමින් ගන්නවා. මොකද එළියේ හිටියා ම තමා මෙවැනි තැරැව්කරුවන්ට අහුවෙන්නේ. අපි ජූනි මාසයේ පටන් ගන්න වැඩපිළිවෙළේදී එළියට නෙමෙයි, කොළඹ ගෙන්න ගන්නෙත් නෑ. අපි දින තුනක් ඇතුළත ඔබගේ ගමන් බලපත්‍රය රජයේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඔබ වෙතට ලබා දීමට මුලික වැඩකටයුතු සුදානම් කරලා තියෙනවා.”