hit counter

2024 ජූලි මස 06 වන සෙනසුරාදා

2024 ජූනි 09, පෙ.ව. 12:02



පුද්ගලයාගේ අනන්‍යතාව හඳුනාගත නොහැකි ජාතික හැඳුනුම්පත් සැලකිල්ලට ගෙන කිසිදු ආකාරයකින් ගුවන් ගමන් බලපත්‍ර සකස් නොකිරීමට තීරණය කර ඇති බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සදහන් කරයි.

එවැනි හඳුනාගත නොහැකි ඡායාරූප, අංක හා අක්ෂර මැකී ගිය ජාතික හැඳුනුම්පත් හිමි පුද්ගලයන් ගුවන් ගමන් බලපත්‍රය අයැදුම් කිරීමට පළමුව ජාතික හැඳුනුම්පත සකස් කර ගැනීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවද ආගමන විගමන පාලකවරයා සදහන් කරයි.

ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයැදුම්කරුගේ වර්ණ ඡායාරූපය, ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකය අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු බවත් පැහැදිලි අනන්‍යතාවක් සහිත ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කළ යුතු බවද සදහන් කරයි.

බොහෝ අයැදුම්කරුවන් විසින් ඉදිරිපත් කරන මෑතකදී ගත් වර්ණ ඡායාරූපයත්, ජාතික හැඳුනුම්පතත් අනුව ඒ අයැදුම්කරු නියම අයැදුම්කරු යැයි හඳුනාගත නොහැකි මට්ටමක පැවතීම මෙයට හේතුව බවද ආගමන විගමන පාලක ජනරාල්වරයා සදහන් කරයි.

පවතින ක්‍රමවේදයට අනුව ගුවන් ගමන් බලපත්‍රයක් වසර දහයකට වලංගු කෙරෙන අතර ඉදිරියේදී ආගමන විගමන පද්ධතිය නවීකරණය කිරීමෙන් කල් පැන යන ගුවන් ගමන් බලපත්‍ර අලුත් කිරීමේදී අයැදුම්පත පමණක් ලබා ගනිමින් බලපත්‍ර නිකුත් කරන බවද සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: