2025 ජූලි 19, පෙ.ව. 12:10
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ විකල්ප විෂයන් යටත ඉතිහාසය, සෞන්දර්ය, තොරතුරු තාක්ෂණය, දෙවන භාෂාව, සාහිත්‍ය ආදී විෂයන් එකතු කොට ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
මෙහි දී දරුවන් රැකියා අභිමුඛ තොරතුරු තාක්ෂණය ආදී වෙළඳපොළ වටිනාමක් ඇති විෂයන් මිස ඉතිහාසය, සෞන්දර්ය ආදී විෂය තෝරා නොගන්නා බවයි, ඔහු සඳහන් කරන්නේ.
මෙය ගුණාත්මක මිනිසකු බිහි කිරීම වෙනුවට රටේ අනාගතය විනාශ කරමින් තාක්ෂණික රෝබෝවරුන් පිරිසක් බිහි කිරීමේ උත්සාහයක් බවට ද හෙතෙම චෝදනා කරයි.
ලුනු කර්මාන්තය, සතොස හෝ කුඩා කර්මාන්තයක් කළ නොහැකි පිරිසකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළ හැකි දැයි ප්‍රශ්න කරන පාඨලී චම්පික, වර්තමාන ආණ්ඩුවේ සිටින්නේ ලොකු ව්‍යාපෘති කළ හැකි කුසලතා සහිත පිරිසක් නොවන බව ඔවුන් අවබෝධකරගත යුතුව ඇති බව ද අවධාරණය කරයි.
විපක්ෂයේ සිටිය දී ඇවිදින පුස්තකාල ලෙස රඟපෑ පිරිස කෙතරම් පුංචි මිනිසුන් දැයි දැන් තහවුරු වී ඇති බවත් එහෙයින් අධ්‍යාපනය දැන් පවතින තත්ත්වයෙන් තිබෙන්නට හැරීම හොඳටම ප්‍රමාණවත් බවත් ඔහු ප්‍රකාශ කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් පාඨලී චම්පික රණවක මේ බව කීය.
2025 ජූලි 19, පෙ.ව. 12:11
2025 ජූලි 19, පෙ.ව. 12:09
2025 ජූලි 19, පෙ.ව. 12:09
2025 ජූලි 19, පෙ.ව. 12:05
2025 ජූලි 19, පෙ.ව. 12:05